laughs-gas-price-revised

ලාෆ්ස් ගෑස් සමාගම විසින් සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ගණන් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර තිබේ.




මෙම නව මිල සංශෝධනයට අනුව කිලෝග්‍රෑම් 12.5ක බරින් යුත් ප්‍රධාන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 545කින් ඉහළ නංවා ඇත. ඒ අනුව පාරිභෝගිකයින්ට එම ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීම සඳහා මින් ඉදිරියට රුපියල් 6,245ක මුදලක් ගෙවීමට සිදුවනු ඇත.

මීට අමතරව කිලෝග්‍රෑම් 5ක ධාරිතාවකින් යුත් කුඩා ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 220කින් වැඩි කිරීමට අදාළ සමාගම පියවර ගෙන තිබේ. මෙම මිල ඉහළ දැමීමත් සමග එහි නව විකුණුම් මිල රුපියල් 2,500ක් ලෙස වෙළෙඳපොළේ සටහන් වනු ඇත.