
කළුබෝවිල රෝහල මාර්ගයේ රූබන් පීරිස් මාවතට ආසන්නව පිහිටි අතුරු පාරක ඇති ගොඩනැගිල්ලක හදිසි ගින්නක් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.
ප්‍රදේශයේ රැඳී සිටින වාර්තාකරුවන් සඳහන් කරන පරිදි මෙම ගින්න හටගෙන ඇත්තේ විදුලි ජනක යන්ත්‍ර අලෙවි කරන ව්‍යාපාරික ස්ථානයක් තුළයි.
මෙම අලෙවිසැලට යාබදව නිවාස ඒකක කිහිපයක් සහ වාහන අලෙවි මධ්‍යස්ථානයක් ද පිහිටා ඇති බැවින් ගින්න වෙනත් ස්ථාන වෙත පැතිර යාමේ අවදානමක් පවතින බව ද සඳහන් වේ.
ගින්න තවදුරටත් ව්‍යාප්ත වීම වළක්වා එය සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීම සඳහා මේ වන විටත් අදාළ ස්ථානය වෙත ගිනි නිවන රථ කැඳවා ඇති බව එම ස්ථානයේ සිටින වාර්තාකරුවන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
