hirunika-apologizes-for-the-dog-sex-story---in-a-friendly-press-conference-with-ashu

මාධ්‍ය හමුවක් පවත්වා සුනඛයෙකු අපයෝජනය කළ බවට තමන්ට අපහාස කළේ යැයි සඳහන් කරමින් සමගි වනිතා බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගෙන් සහ තම හිටපු බිරියක වන ආදර්ශා කරඳනගෙන් රුපියල් බිලියන 1.5ක වන්දි ඉල්ලා එජාපයේ ක්‍රියාකාරිකයෙකු වන මහාචාර්ය ආශු මාරසිංහ විසින් නඩුවක් පවරා තිබුණි. හිරුණිකා 2022 වසරේ ප්‍රසිද්ධ කළ එම වීඩියෝවෙන් හෙළි කර තිබුනේ ආශු මාරසිංහ සුනඛයෙකු හා ලිංගිකව හැසිරෙන ආකාරයයි.

ආශු මාරසිංහ මෙන්ම ඔහුට සමීප එජාපයේ සාමාජිකයින් ගැන ජනතා පිළිකුළ ඇති කිරීමට මෙය හේතු විය. 



 මහාචාර්ය ආශු මාරසිංහ මහතා 2022 දෙසැම්බර් මාසයේ රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙන බවත් පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වී ඇති බව දන්වා ඇතත්
ඔහුට ඉල්ලා අස්වන්නට සිදුවුයේ සුනඛයෙක් සමඟ ලිංගිකව හැසිරෙන අසාමාන්‍ය ආකාරයේ වීඩියෝවක් සමාජගත වීම නිසා බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඒ දිනවල ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා හෙළි කර සිටියාය.

අධිකරණ ක්‍රියාවලියකට සමගාමීව ඇතිවූ එකඟතාවයක් මත, තම පාර්ශ්වයට එල්ල වූ සියලුම නින්දා සහ අපහාස වෙනුවෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් අධිකරණයේදී සමාව සහ කනගාටුව ප්‍රකාශ කිරීමත් සමඟ අදාළ නඩු කටයුත්ත අවසන් වී තිබේ.

මෙම අපහාසය ගැන සමාව ඉල්ලුවත් වීඩියෝව අසත්‍ය එකක් යයි අධිකරණයේදී හෙළි වූයේ නැත. යථා තත්ත්වය අවබෝධ කරගනිමින් ඇය විසින් ගත් එම පියවර සම්බන්ධයෙන් තමන් ඇයට ස්තූතිවන්ත වන බවත්, තමන්ට පක්ෂපාතීව ලැබුණු එම නඩු තීන්දුව පිළිබඳව සතුටට පත්වන බවත් පැමිණිලිකාර මාරසිංහගේ පාර්ශ්වය අද දින මාධ්‍ය හමුවේ පවසා සිටියේය.

යම් සිදුවීමක් වූ පමණින් එය විකෘති කරමින් පුද්ගලික ජීවිතවලට හානි කිරීම වෙනුවෙන් සමාජ මාධ්‍ය ඇතුළු විවිධ වේදිකාවන් භාවිත නොකරන ලෙස සමස්ත ශ්‍රී ලාංකීය සමාජයෙන් සහ විපක්ෂ කණ්ඩායම්වලින් විශේෂ ඉල්ලීමක් ද ආශු මාරසිංහ සිදු කළේය. රට නව දේශපාලන සංස්කෘතියක් කරා ගමන් කරන මෙවන් මොහොතක පුද්ගලික මඩ ගැසීම් වෙනුවට සැබෑ දේශපාලනය පිළිබඳව කතා කිරීමේ අවශ්‍යතාව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය. මෙම නඩු කටයුත්ත අවසන් වීමත් සමඟම එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය නියෝජනය කරන මෙම දෙපාර්ශ්වයම, සිය පෞද්ගලික ආරවුල් සහ නොහොඳ නෝකාඩු පසෙකලා යළි එක්සත් වීමේ වැදගත්කම අවධාරණය කර ඇත.

hirunika-apologizes-for-the-dog-sex-story---in-a-friendly-press-conference-with-ashu



hirunika-apologizes-for-the-dog-sex-story---in-a-friendly-press-conference-with-ashu