මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂක රංග නිශාන්ත මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණය 'සියදිවිනසාගැනීමක් වීම' හා 'ඝාතනයක් නොවීම' දේශපාලනික වශයෙන් වාසියක් ගැනීමට සිටි එක්තරා කණ්ඩායමකට ගැටලුවක් වී ඇති ආකාරය මේ වනවිට පෙන්නුම් කරයි. මෙය රජයේ අනුග්‍රහයෙන් සිදු කළ මිනීමැරුමක්ය යන්න කෙසේ හෝ සනාථ කිරීම සඳහා මේ දිනවල විවිධ ව්‍යාජ ප්‍රවෘත්තිද නිර්මාණය කරමින් තර්කයක් ගොඩනගන්නට පිරිසක් ක්‍රියා කරමින් තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මංපිල මහතා ඊයේ (4) මේ ගැන ප්‍රවෘත්ති සාකච්චාවක්ද පැවැත්වූ අතර ඔහු තරයේ කියා සිටියේ මෙය සැකසහිත බවත් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ වෛද්‍ය මණ්ඩලය පවා දේශපාලනිකව සිය තීන්දුව දී ඇති බවකි. සිය සැකය තීව්ර කිරීම සඳහා උදය ගම්මංපිල සිය ෆේස් බුක් පිටුවේ ඊයේ මියගිය රංගගේ බිරිය මරණය සැකයි කියා ඉල්ලා සිටි බවට ලේඛනයක්ද පළ කර තිබෙන අතර එය පරීක්ෂා කිරීමේදී පෙන්නුම් කරන්නේ එය මහේස්ත්‍රාත්වරයා මුලික පරීක්ෂාවෙන් පසු පශ්චාත් පරීක්ෂණයක් සඳහා නිකුත් කරන සාමාන්‍ය නිල ලිපිය හා මේ ගැන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෛද්‍ය මණ්ඩලයක් පත්කිරීමට අදාළ මුල් ලිපිය බවයි. රංගගේ බිරිය මෙම පරීක්ෂණ ප්‍රතිඵලය පිළිනොගත් බව කිසිදු ආකාරයක සඳහනක් වාර්තාවී නොතිබූ පසුබිමක උදය ගම්මංපිල මහතා දිගින් දිගටම මේ ගැන තර්ක කිරීම ගැටලුකාරීය.
මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත මහතාගේ මරණය සම්බන්ධයෙන් නිකුත් වූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ප්‍රතික්ෂේප කරන බවත්, අදාළ මරණය සම්බන්ධයෙන් ස්වාධීන කමිටුවක් හරහා යළි පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මංපිල මහතා ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් වන ඉලංගරත්න බණ්ඩා, අජිත් ජයසේන, සම්පත් සේනතුංග සහ ගාමිණී දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත කමිටුව නිගමනය කර ඇත්තේ කැපුම් තුවාල මගින් සිදුවූ අධික රුධිර වහනය හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවත්, මෙය බොහෝදුරට සියදිවි නසාගැනීමක් විය හැකි බවත්ය. කෙසේ වෙතත්, මෙය රජයේ අනුග්‍රහයෙන් සිදුවූ ඝාතනයක් බවට මතයක් ගොඩනැගීම සඳහා ඇතැම් පාර්ශ්ව ව්‍යාජ තොරතුරු නිර්මාණය කරමින් සිටින පසුබිමක, ගම්මංපිල මහතාද සිය ෆේස්බුක් ගිණුමෙහි ලේඛනයක් පළකරමින් මියගිය නිලධාරියාගේ බිරිඳ මරණය ගැන සැක පළකර ඇති බවට තර්ක කර තිබේ. එහෙත් අදාළ ලේඛනය හුදෙක් මහේස්ත්‍රාත්වරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා නිකුත් කළ නියෝගය සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෛද්‍ය මණ්ඩලයක් පත්කිරීමට අදාළව යැවූ සාමාන්‍ය නිල ලිපි පමණක් බවත්, බිරිඳ විසින් පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කළ බවට කිසිදු නිල සටහනක් නොමැති බවත් මේ වනවිට තහවුරු වී ඇත.
රංග නිශාන්ත මහතා පරිගණක වංචාවක් සම්බන්ධයෙන් රහස් පොලිසියට මුල් පැමිණිල්ල කළ පුද්ගලයා බැවින් ඔහුගේ අබිරහස් මරණය එම විමර්ශනවලට දැඩි බාධාවක් බව ගම්මංපිල මහතා මෙහිදී පෙන්වා දුන්නේය. පටක වේදය (Pathology) සහ විෂ වේදය (Toxicology) පිළිබඳ කිසිදු පරීක්ෂණයක් සිදු නොකර, හුදෙක් අනුමානයක් මත මෙය සියදිවි නසාගැනීමක් යැයි වෛද්‍ය කමිටුව කඩිනමින් නිගමනය කිරීම ගැටලු සහගත බව ඔහු ප්‍රකාශ කළේය. ශරීරයට විෂක් ඇතුළු කර සිහිය නැති වූ පසු වෙනත් අයෙකු විසින් කැපුම් තුවාල සිදුකර පිහිය අතේ තබා ගියාද යන්න සහ අදාළ පිහියේ හෝ ඇඳුම්වල ඇති රුධිර පැල්ලම් වෙනත් අයෙකුගේද යන්න රස පරීක්ෂකවරයා හරහා තහවුරු කරගැනීමට පෙර නිගමනවලට එළඹීම පිළිබඳව හිටපු මන්ත්‍රීවරයා දැඩි ලෙස ප්‍රශ්න කර සිටියේය. එමෙන්ම පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් වීමටත් පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙය සියදිවි නසාගැනීමක් ලෙස හැඳින්වීමද ඔහු සැකයට භාජනය කළේය.
ලොව පවතින සාමාන්‍ය සියදිවි නසාගැනීමේ ක්‍රම වෙනුවට, ප්‍රධාන බල නහර තුනක්ම කපාගැනීම ප්‍රායෝගික නොවන බවත්, එක් අතක් කපාගත් පසු ඇතිවන අධික වේදනාව සහ රුධිර වහනයත් සමග කකුල් දෙකෙහිද නහර කපාගැනීමට තරම් චිත්ත ධෛර්යයක් ඉතිරි නොවන බව වෛද්‍ය විද්‍යාත්මක මතය බවත් හෙතෙම සඳහන් කළේය. පරීක්ෂණය සිදුකළ වෛද්‍යවරුන් හතර දෙනාගෙන් තිදෙනෙකුම ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවලින් පශ්චාත් උපාධි ලැබූවන් වුවද, නිසි සාක්ෂි විමසීමකින් තොරව ඉක්මන් නිගමනවලට එළඹීමේ ක්‍රමවේදයක් ඔවුන් විදේශයන්හිදී ඉගෙනගත්තේද යන්න ගම්මංපිල මහතා විමසා සිටියේය.
අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ කමිටුව පත්කිරීමේදී දැඩි පක්ෂග්‍රාහී බවක් පෙනෙන්නට ඇති බවට චෝදනා කළ ගම්මංපිල මහතා, එහි සාමාජිකයින් දෙදෙනෙකු විශ්වවිද්‍යාල සමයේ දැඩි ජවිපෙ ක්‍රියාකාරීන් ලෙස කටයුතු කර ඇති බවත්, එක් වෛද්‍යවරයෙකු වත්මන් කථානායකවරයාගේ වෛද්‍ය විද්‍යාල සමකාලීනයෙකු මෙන්ම මිතුරෙකු බවත් ප්‍රකාශ කළේය. ආණ්ඩුවට එරෙහිව සමාජයේ සැකයක් ගොඩනැගී ඇති මොහොතක මිතුරන් සහ පාක්ෂිකයින්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීම සහ පරිපූර්ණ පරීක්ෂණයක් සිදු නොකිරීම යන කරුණු පදනම් කරගනිමින් මෙම වාර්තාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ඔහු අවධාරණය කළේය. මේ සම්බන්ධයෙන් පවතින සැකය දුරු කිරීමට නම්, ශ්‍රී ලංකාවේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම අධිකරණ වෛද්‍ය නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් හරහා දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයක් වහාම සිදුකළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මංපිල මහතා රජයට යෝජනා කර සිටියේය.
සිය සැකය තීව්ර කිරීම සඳහා උදය ගම්මංපිල සිය ෆේස් බුක් පිටුවේ ඊයේ මියගිය රංගගේ බිරිය මරණය සැකයි කියා ඉල්ලා සිටි බවට ලේඛනයක්ද පහත පරිදි පළ කර තිබෙන අතර එය පරීක්ෂා කිරීමේදී පෙන්නුම් කරන්නේ එය මහේස්ත්‍රාත්වරයා මුලික පරීක්ෂාවෙන් පසු පශ්චාත් පරීක්ෂණයක් සඳහා නිකුත් කරන සාමාන්‍ය නිල ලිපිය හා මේ ගැන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෛද්‍ය මණ්ඩලයක් පත්කිරීමට අදාළ මුල් ලිපිය බවයි. මරණයක් සඳහා පශ්චාත් මරණයක් සිදු කිරීමට පෙර හුවමාරුවන සාමාන්‍ය ලිපියක් මේ ආකාරයට උදය සමාජ ගත කර ඇත්තේ වෙනස් අර්ථයක් ජනිත කිරීමට විය හැකිය. එම පෝස්ටුවේ කොමෙන්ටු පළ කිරීම අවහිර කර ඇති අයුරුද දිස් විය.
