
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද විදේශීය මත්පැන් සහ දුම්වැටි තොගයක් සඟවාගෙන සිටි විදේශික තරුණියක් කොල්ලුපිටිය පොලිස් වසමට අයත් රොටුන්ඩා ගාඩ්න්ස් ප්‍රදේශයේදී නීතියේ රැහැනට කොටුකර ගැනීමට ආරක්ෂක අංශ සමත් වී තිබේ.
කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් විසින් සිකුරාදා (01) රාත්‍රී කාලයේදී දියත් කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අදාළ මෙහෙයුම අතරතුරදී සැකකාරියගේ භාරයේ තිබී නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කළ විදේශීය මත්පැන් බෝතල් 257ක් සහ දුම්වැටි 100ක් පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 20ක් වන චීන ජාතික තරුණියක් බවට පොලිසිය විසින් වැඩිදුරටත් තහවුරු කර ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වන ඉදිරි නීතිමය පියවර සහ වැඩිදුර විමර්ශන කටයුතු කොල්ලුපිටිය පොලිසිය විසින් මේ වනවිටත් ක්‍රියාත්මක කරමින් පවතී.
