
ගාල්ල, දංගෙදර පිහිටි ඩික්සන් හන්දිය ප්‍රදේශයේදී අද (12) උදෑසන සිදුවූ වෙඩි තැබීමකට ලක්වූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිස් ආරංචි මාර්ග පවසන පරිදි මෙම අපරාධය අද උදෑසන 7.30 ට පමණ සිදුවී ඇති අතර, මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් අදාළ පුද්ගලයාට වෙඩි ප්‍රහාරය එල්ල කර එම ස්ථානයෙන් පළාගොස් ඇත.
වෙඩි ප්‍රහාරය හේතුවෙන් බරපතළ ලෙස තුවාල ලැබූ අගතියට පත් පුද්ගලයා කඩිනමින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි. එහෙත් රෝහල්ගත කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් ඇති බව වෛද්‍ය ආරංචි මාර්ග තහවුරු කර තිබේ.
මෙම වෙඩි තැබීමට හේතුව හෝ ඊට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පළාගිය තුවක්කුකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල පොලීසිය මගින් මේ වනවිටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
