ලංකා ගල් අඟුරු සමාගම විසින් මෑතකදී සිදු කරන ලද හදිසි ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ගොනු කර තිබේ. මෙම පැමිණිල්ල සඳහා ප්‍රධාන වශයෙන් පාදක වී ඇත්තේ මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින ආන්දෝලනාත්මක දුරකථන සංවාදයක හඬ පටයකි.
අදාල ටෙන්ඩරය පිරිනැමීමේදී බරපතල වංචාවක් සිදුව ඇති බව එම හඬ පටය ශ්‍රවණය කිරීමේදී මනාව පැහැදිලි වන බව මන්ත්‍රීවරයා සිය පැමිණිල්ල මගින් පෙන්වා දී ඇති අතර, මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.මීට පෙර ක්‍රියාත්මක වූ දිගුකාලීන ටෙන්ඩරයක් යටතේ මෙරටට ගෙන්වන ලද ගල් අඟුරු තොග නිසි ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් ලංකා ගල් අඟුරු සමාගමට පසුගිය මාසයේදී මෙම හදිසි මිලදී ගැනීම් සඳහා නව ටෙන්ඩරයක් කැඳවීමට සිදු විය. ඒ අනුව අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක වූ අතර, මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන හඬ පටය මගින් අර්බුදයකට ලක්ව ඇත්තේ එම හදිසි ටෙන්ඩරය ලබා දීමේ ක්‍රියාපටිපාටියයි. කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ජයන්ත රත්නායක මහතා ලිඛිත නිවේදනයක් නිකුත් කරමින් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.
සභාපතිවරයා පවසන ආකාරයට අදාළ හඬ පටයෙහි ඇතුළත් වන්නේ පසුගිය මාර්තු 25 වැනිදා සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා සහ ගල් අඟුරු සපයන සමාගමේ දේශීය නියෝජිත ආයතනයක නිලධාරියෙකු අතර සිදුවූ රාජකාරිමය දුරකථන සංවාදයකි. ටෙන්ඩර් මණ්ඩලයේ නිර්දේශ සහ කැබිනට් අනුමැතිය සහිතව නිසි පරිදි කොන්ත්‍රාත්තුව ලබා දුන් සැපයුම්කරුගේ දේශීය නියෝජිතයා වෙත ඇමතුමක් ගනිමින්, බැංකුව විසින් නිකුත් කරනු ලබන කාර්ය සාධන ඇපකරය 2026 මාර්තු 25 වැනි දිනට අදාළව ලබා දෙන ලෙස එහිදී දැනුම් දී ඇති බව සභාපතිවරයා සිය නිවේදනය මගින් අවධාරණය කරයි.
එම සාමාන්‍ය දුරකථන සංවාදය විවිධ අර්ථකථනයන් ලබා දිය හැකි අයුරින් අනිසි ලෙස විකෘති කරමින් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර හැරීමක් මේ හරහා සිදුවන බව ජයන්ත රත්නායක මහතා පෙන්වා දෙයි. එසේම මෙම හදිසි ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී අදාළ සියලුම ටෙන්ඩර් පටිපාටි සහ ප්‍රසම්පාදන ක්‍රමවේදයන් නිත්‍යානුකූලව සහ නියමිත ආකාරයෙන් අනුගමනය කර ඇති බවත්, එම සැපයුම් කටයුතු මේ වන විට අතිශය සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් කරුණු දක්වා තිබේ.



