
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු මේ වනවිට පසුවන්නේ සිරගතව බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසා තිබේ.
සාම පා ගමනට සහභාගීවීමට මෙරටට වැඩමකළ භික්ෂූන් වහන්සේලා හමුවීමට ඊයේ (21) පෙරවරුවේ අත්තනගල්ල රජමහා විහාරයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරිය මේ බව අනාවරණය කළාය.
ඇයගෙන් ඊයේ පාස්කු ඉරුදින ප්‍රහාර සැමරුම ගැන කළ විමසීමේදී ඇය පවසා සිටියේ, 'මහ මොළ කාරයා දැන් හිරේ ඉන්නවනෙ' ලෙසිනි.
ඇය නොකියා කියා සිටියේ සලේ ගැනය.

