those-who-change-the-number-plates-given-by-rmv-and-do-fraudulent-work-will-be-punished

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ප්‍රමිතිගත වාහන අංක තහඩු නීතිවිරෝධී ලෙස වෙනස් කරමින් රථවාහන ධාවනය කරන රියදුරන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා ලෙස අදාළ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.

පී. ජේ. සේනාධීර මහතා විසින් මේ බව අනාවරණය කරන ලදී.




මේ දිනවල අලුතින් ලියාපදිංචි කරනු ලබන රථවාහන සඳහා නිල අංක තහඩු නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම සිදු නොවන තත්ත්වයක් පවතී. මෙම පසුබිම සිය වාසියට හරවා ගනිමින් ඇතැම් ජාවාරම්කරුවන් විසින් විවිධ නීතිවිරෝධී ක්‍රියාවන්හි නිරත වීමට මෙය අවස්ථාවක් කරගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙනු ලැබීය.

විශේෂයෙන්ම නව වාහන ලියාපදිංචි කරන හිමිකරුවන් විසින් නිල නොවන, විවිධ වර්ණයන්ගෙන් යුක්ත වූ අංක තහඩු සිය රථවල සවිකරගෙන මාර්ගවල ධාවනය කරන බවට තොරතුරු වාර්තා වී ඇත. මෙම තත්ත්වය වහාම නියාමනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින්, පොලිස්පතිවරයා විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත මේ වන විටත් කරුණු දැනුම් දී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.