අද (29) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගෙන් ඇසූ ප්‍රශ්නයකට ලබාදුන් පිළිතුර පහත පරිදිය.
ප්‍රශ්නය-
සුගීශ්වර බණ්ඩාරගේ විරෝධතාවකට ප්‍රහාරයක් එල්ල වෙනවා.
පිළිතුර-
'අනේ, සුගීශ්වර බණ්ඩාරගේ විරෝධතාවලින් අපිට තියෙන වැඩේ මොකක්ද කියලා කියන්නකෝ. 10ක් 15ක් අරන් ගිහිල්ලා කොහේ හරි තැනක කෑගැහුවාම ආණ්ඩුවට මොකක්ද වෙන්නේ?
අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි හිතනවා ගම්වල ගෙවල් ඉස්සරහට ගිහිල්ලා කෑගහනකොට, ඒ ගම්වල මිනිස්සු ඒකට ඉඩ දෙන එකක් නැහැ කියලා.
ඉතින් ඒ නිසා ගම්වල මිනිස්සුන්ට ඒක මොන පක්ෂයේද කියලා අදාළ නැහැ. ඒගොල්ලෝ අර වගේ අයව හූ කියලා පන්නලා දානවා. ඉතින් ඔබ වුණත් කාගේ හරි ගෙයක් ඉස්සරහට ගිහිල්ලා කෑගහලා බලන්නකෝ, ඒකට මිනිස්සු නිකන් ඉඳීවිද කියලා. එහෙම අයිතියක් කාටවත් නැහැනේ, ගෙවල් ඉස්සරහා කෑගහන්න.
ආණ්ඩුවක් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට අදාළ ආයතන තියෙනවා, අමාත්‍යාංශ තියෙනවා. ඒ වගේ තැන්වලට ගිහිල්ලා අපිත් උද්ඝෝෂණ කළානේ. හතර පස් දෙනෙක් එක්ක නෙවෙයි, දහස් ගණනක් එකතු වෙලා ගිහිල්ලා. අපි කාගේවත් ගෙවල් ඉස්සරහට ගියේ නැහැනේ.
ඉතින් ඒ නිසා ඔය මන්ද මානසිකත්වයෙන් පෙළෙන, එහෙම නැත්නම් නිකන් පොඩිවට ජනප්‍රිය වෙන්න උත්සාහ කරන, සමාජ මාධ්‍යවල මුහුණ දාගන්න උත්සාහ කරන ඔය 10 - 15 දෙනාගේ අරගල අපිට නම් අදාළම නැහැ. අපිට කිසිසේත්ම අදාළ නැහැ. ඉතින් ඒකට මිනිස්සු විරුද්ධ වෙලා කෑගැහුවාට අපිට ගාණක් නැහැ. ඒකට ගියපු අය ඒ ප්‍රතිඵලවලට මුහුණ දෙන්න දැනගන්න ඕනේ. මම දැක්කා එතුමාම කියලා තියෙනවා, එතුමාට කවුරුත් ගැහුවේ නැහැ, වෙන කොහේ හරි ගහපු එකක් වැදුණා කියලා නේද?'
