10-people-drown-in-deduru-oya-2-people-are-saved-2-people-are-dead-6-people-are-missing

කොබෙයිගනේ පොලිස් වසමේ දැදුරුඔය කුරිටියාගහමුල මංකඩේ දිය නාමින් සිටි පිරිසක් දියේ ගිලී අතුරුදන් වී ඇති බවට කොබෙයිගනේ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.




මෙහිදී පිරිමි පුද්ගලයින් සිව්දෙනෙකු, කාන්තාවන් තිදෙනෙකු හා පාසල් දරුවන් තිදෙනෙකු දියේ ගිලී ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු හා කාන්තාවක් බේරාගෙන නිකවැරටිය රෝහලට ඇතුලත් කර ඇත. එක් කාන්තාවකගේ සහ එක් පිරිමි පුද්ගලයෙකුගේ මෘත ශරීර සොයාගෙන ඇති අතර තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු, කාන්තාවක් සහ පාසල් ළමුන් තිදෙනෙකු අතුරුදන් වී ඇත.

මරණකරු අවුරුදු 70 සහ මරණකාරිය අවුරුදු 34 වයස්වල පසු වූ කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. අතුරුදන් වූ පිරිමි පුද්ගලයින් අවුරුදු 39 සහ 72 ක්, කාන්තාව අවුරුදු 42 ක් සහ පාසල් ළමුන් අවුරුදු 09, 13 සහ 18 වයස්වල පසු වූ කොබෙයිගනේ සහ උඩවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.




මරණකරු, මරණකාරිය සහ අතුරුදන්වූවන් කඩවත ප්‍රදේශයේ සිට පැමිණි ඥාති පිරිසක් සමඟ කුරිටියාගහමුල මංකඩේ දිය නාමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.

අතුරුදන්වූවන් සොයා කොබෙයිගනේ පොලිසිය විසින් ප්‍රදේශවාසීන්ගේ හා නාවික හමුදා කිමිදුම් නිලධාරින්ගේ සහය ඇතිව සෝදිසි මෙහෙයුම් තව දුරටත් සිදු කරනු ලබයි.