anura-kumara-is-a-scavenger

ගාල්ල ප්‍රදේශයේ සාප්පු විවෘත කිරීමකට සහභාගිවූ හිටපු නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක වත්මන් ජනපති අනුර කුමාර දිසානායක ගැන එතැන සිටි මාධ්‍ය කැමරා ශිල්පීන් ඇසූ ප්‍රශ්නයකදී මෙසේ පිළිතුරක් දී තිබේ.

"මම ඇසුරු කරලා තියෙනව පාර්ලිමේන්තුවේ දී මම මුලින්ම කිව්වනේ .. මං දන්න විදියට එයා හරි ලෝබයි කුණු ලෝබයි. .අනුර කුමාර දිසානායක කුණු ලෝබ මනුස්සයෙක් ඒ ලෝබකම රටට හොඳයි. නාස්තිය නෑ ඉස්සර හිටියේ ජනාධිපතිල නන් ලෝස් නෑ අපේ සල්ලි පිස්සු වගේ වියදම් කරලා රට විකුණුවා. මෙයා කුණු ලෝභයෙක් අපේ ගෙදර තාත්තා කුණු ලෝබ වුණාම ගේ ඉඩමත් ඉතුරුයි. ගේත් ඉතුරුයි .ඒ සල්ලිත් ඉතුරුයි බිස්සේ වීත් ඉතිරියි.ඉතිං අනුර කුමාර සහ නායක මහත්තයට ලෝභ කමින් සහ සල්ලි ගොඩක් ඉතුරුවෙලා තියෙන විපක්ෂයෙන් කියනවා සල්ලි ඉතුරු කරන් ඉන්නවා කියලා එයා ගෙදර ගෙනියන්න නෙමෙයි.



ජනතාවගේ තාත්තා සූදු කාරයෙක් වෙලා කැසිනෝ ගිහිල්ල බූරු ගහලා වියදම් කළොත් දරුවන්ට යන එන මං නැතිවෙනවා.නමුත් මේ මේ ලෝභ ජනාධිපතිවරයා එහෙම ආර්යාවල තියාගෙන පිටරට සවාරි වියදම් කරන්නෑ .. අපට හෙලිකොප්ටර් ගණන් බැලුවත් ඒ කාලේ ජනාධිපතිතුමා මාසෙට එකසිය පනස් හතක් ගියා නං මෙයා යන්නේ දෙකක් වගේ.එතකොට ආර්යාව ලා නෑ වියදං කරන්නෙම නෑ වගේ. නාස්තිය අඩුයි හොරකම් අඩුයි. නීති හරියට කෙරෙනවා කියලා හිතෙනවා. මට දැනට හොඳයි මං දන්නෑ ඉතින් අපේ මිත්රයා ඉදිරියට කොහොම කරයිද කියල. විදේශ සම්බන්ධතා පැත්තෙන් තව ටිකක් හොඳ කෙනෙක් තවත් කෙනෙක් දාගත්ත නම් හොඳයි කියලාත් හිතනවා."




gossiplanka image