an-answer-to-the-story-of-the-raped-girl-who-will-share-this-when-she-sees-dudley-sirisena

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය කතාබහට ලක්වූ, සිය සහෝදරයා සහ පෙම්වතා විසින් තමන්ව අපයෝජනයට ලක් කළ බවට චෝදනා කරමින් පොළොන්නරුව ප්‍රදේශයේ තරුණියක විසින් මුදාහැර තිබූ වීඩියෝවක් සම්බන්ධයෙන් අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. එම වීඩියෝව හරහා අදාළ තරුණිය තමන් මුහුණ දුන් කායික මෙන්ම මානසික පීඩාවන් පිළිබඳව අදහස් දක්වා තිබූ අතර, ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ අවධානයට යොමු වන තෙක් එම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ සංසරණය කරන ලෙසද ඇය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබුණි.




මෙම ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබමින් සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ, මේ පිළිබඳව තමා කරුණු සොයා බැලූ බවත් ඇය සිය සමීපතම හිතවතෙකුගේ දියණියක් බවත්ය. අදාළ තරුණියගේ පියා කාලයක පටන් අරලිය හෝටල් ජාලය සමග ව්‍යාපෘති සිදු කරන අයෙකු වන බැවින්, ඇය විසින් සකස් කරන ලද ව්‍යාපෘති වාර්තාවක් තමන් වෙත ලබා දීමේ අරමුණින් සහ පවුල් අතර පවතින විශ්වාසය මත ඇය එලෙස වීඩියෝව තුළ තම නාමය සඳහන් කර ඇති බව ඔහු එහිදී තහවුරු කර ඇත.

අධ්‍යාපනික කරුණු මත ඇති වූ අපේක්ෂාභංගත්වය හේතුවෙන් අදාළ තරුණිය දැඩි මානසික පීඩනයකින් පෙළෙන බවත්, මේ වන විට ඇය රෝහල්ගතව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත් එම සටහනේ වැඩිදුරටත් දැක්වේ. එසේ තිබියදීත්, ඇයගේ පෞද්ගලික ජීවිතයේ අර්බුද සහ ව්‍යාපෘති වාර්තාවක් ලබා දීමට තිබූ අවශ්‍යතාවය එකිනෙක පටලවමින් ඇතැම් මාධ්‍ය ආයතන විසින් අසත්‍ය තොරතුරු වාර්තා කිරීම සිරිසේන මහතාගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.




තම බිරිඳ සහ තමා අදාළ තරුණියගේ පියා මෙන්ම වෛද්‍යවරුන් සමග එක්ව ඇයගේ සුවදුක් සොයා බලමින් අවශ්‍ය සියලුම යුතුකම් ඉටුකරන බව ඔහු අවධාරණය කරයි. එබැවින් හුදෙක් සමාජ මාධ්‍ය තුළ අවධානය දිනාගැනීමේ පටු අරමුණින් මෙම සංවේදී කාරණය භාවිතා කිරීමෙන් වළකින ලෙසත්, වින්දිතයන්ගේ පෞද්ගලිකත්වය සහ ගෞරවය ආරක්ෂා වන පරිදි වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් ඩඩ්ලි සිරිසේන මහතා පියෙකු ලෙස සමස්ත සමාජයෙන්ම ඉල්ලා සිටියි.

මෙම දැරිය වීඩියෝවක් මුදාහැර පවසා තිබුනේ මෙවැන්නකි.

"ඔයගොල්ලනේ, මම මේ ලොකු කරදරයක වැටිලා ඉන්නේ. මම මෙහෙම කරන්න නෙවෙයි හිටියේ. මම ලොකු ප්ලෑන් එකකයි හිටියේ. මට වෙන කරන්න දෙයක් නැති නිසාත්, මට දරාගන්න බැරි තරම් නිසයි මම මේ දේ කරන්නේ.

මම චූටි කාලේ ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මගේම සහෝදරයා මාව අපයෝජනය කරනවා. සෙක්ස් වීඩියෝ (sex videos) පෙන්නලා මාව අපයෝජනය කරන්න හදනවා. ඒවයේ තිබුණු දේවල් මට කරන්න හදනවා 2018 දී, ඒ කියන්නේ අට වසරේදී. එතකොට මම ඒ වෙලාවේ අම්මට ඒ ගැන කියන්නේ නැහැ. ඒක නිසා දිගින් දිගටම මට ඒ දේ වෙනවා.

දහය වසර අන්තිම වෙනකම්ම. මම සරලව කියන්නම්. පස්සේ මම දිග වීඩියෝ එකක් දාන්නම්. එතකම් මම මේක සරලව කියන්නම්.

මොකද මම මේ වාට්ටුවේ (ward එකේ) ඉන්නේ. මම ඊයේ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් (boy friend) අතින් අපයෝජනයට ලක් වුණා. බෝයි ෆ්‍රෙන්ඩ් කියන්නේ, පරණ හිටපු බෝයි ෆ්‍රෙන්ඩ් අතින් මම අපයෝජනය වුණා. මම දැන් වාට්ටුවේ ඇඩ්මිට් (admit) වෙලා ඉන්නේ. මට ගොඩක් අමාරුයි. මට වෙන කරන්න දෙයක් නැති නිසයි මම මේ වීඩියෝ එක කරන්නේ.

මට ඕනේ මේක පුළුවන් තරම් ශෙයාර් වෙලා, අවසානයේදී ඩඩ්ලි සිරිසේන මහත්තයයි, ඒ කියන්නේ ඩඩ්ලි සිරිසේන සර් සහ කුමාර සර් අනිවාර්යයෙන්ම මේක දකින්න ඕනේ. ඒ අය දකිනකම් මේක ශෙයාර් (share) කරලා දෙන්න. ඩඩ්ලි සිරිසේන සර් සහ කුමාර සර් දකිනකම් මේක ශෙයාර් කරන්න.'

gossiplanka image