aheliyagoda-13-people-were-sent-to-the-hospital-in-the-6-vehicle-accident-of-the-drunk-driver

අද (15) රාත්‍රී 7.00ට පමණ ඇහැළියගොඩ නගරයේදී සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයන් දහතුන් දෙනෙකු පමණ තුවාල ලබා ඇත. රියදුරෙකුගේ පාලනයෙන් මිදුණු මෝටර් රථයක් මාර්ගයේ ගමන් කරමින් තිබූ තවත් වාහන කිහිපයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

පොලීසිය සඳහන් කරන පරිදි, අනතුරට ලක්ව ඇත්තේ යතුරුපැදියක්, ත්‍රිරෝද රථ තුනක් සහ මෝටර් රථ දෙකක් ඇතුළු වාහන හයකි. සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසීන් පිරිසක් පවසන්නේ අදාළ මෝටර් රථයේ රියදුරු මත්පැන් පානය කර සිටි බවයි.

මෙම බහුවාහන අනතුර හේතුවෙන් පුද්ගලයන් දහතුන් දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර, තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා කඩිනමින් ඇහැළියගොඩ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව කටයුතු කර ඇත.

අනතුරට හේතුව රියදුරුගේ නොසැලකිලිමත් ක්‍රියාවක්ද, නැතහොත් මෝටර් රථයේ කාර්මික දෝෂයක්ද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් ඇහැළියගොඩ පොලීසිය මේ වන විටත් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.