villagers-beat-the-necklace-breaker-in-wennappu-video

වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේදී මහමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි කාන්තාවකගේ රන් මාලයක් කොල්ලකෑමට උත්සාහ කළ පුද්ගලයෙකුව ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් අල්ලා පොලිසියට භාරදීමේ පුවතක් පෙරේදා 08) පෙරවරුවේ වාර්තා විය. වෙළෙඳ සලකට ගොස් නැවත පැමිනෙමින් සිටි තරුණිය යතුරුපැදියෙන් ගමන් කරන අතරතුර ඇය පසුපසින් වෙනත් යතුරුපැදියකින් පැමිණ ඇති මෙම සැකකරු, යතුරුපැදිය අනතුරට ලක්කර ඇය වට්ටා ක්ෂණිකව ඇයගේ ගෙල බැඳි රන් මාලය කඩාගෙන පලා යාමට උත්සාහ කර න අතර තරුනිය කෑගසන්නීය.

යතුරුපැදි දෙකම පෙරළී යාමෙන් අනතුරුව කොල්ලකන ලද මාලය රැගෙන තම යතුරුපැදියට නැගී පලා යාමට පුද්ගලයා උත්සාහ කරද්දී ශබ්දය ඇසී එතැනට එන මවක හා පුතෙකු වහාම ක්‍රියාත්මකවන අතර පුතා දිවගොස් එලෙස පලා යාමට සැරසුණු සැකකරුව අල්ලා ගැනීමට සමත් වී ඇත. මෙලෙස ප්‍රදේශවාසීන්ගේ ග්‍රහණයට නතු වූ සැකකරු පසුව ගුටිකන්නේය.


ඤසැකකරු සහ ඔහු පැමිණි යතුරුපැදිය මේ වන විට වැඩිදුර නීතිමය කටයුතු සඳහා වෙන්නප්පුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ. මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙසේ අත්අඩංගුවට පත් වූ පුද්ගලයා කළුතර මල්වත්ත පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක අයෙකු බවයි.

gossiplanka image