shakuvis-son-ransara-dies-prematurely

රන්සර ධනංජය විතාන මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඒ මහතා ලංකාදීප පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශාන්ත කුමාර විතාන (ශකුවි) මහතාගේ සහ ජනප්‍රිය නවකතා කාරිනියක වන චන්දි කොඩිකාර මහත්මියගේ ආදරණීය එකම පුත්‍රයා විය.




ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වූ ඒ මහතා, දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසද ප්‍රකට විය. විවාහකයකු වූ රන්සර ධනංජය විතාන මහතා, මිය යන විට විසි නව හැවිරිදි වියේ පසුවිය. ඔහු කෙටි කලක් රෝගාතුරව සිටියේය.

ඒ මහතාගේ දේහය දැනට ගම්පහ, ඔරුතොට, විතාන මාවතේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට (11) දින සිදු කිරීමට නියමිතය.