rmv-boss-arrested-for-helping-chassis-number-transfer-scam

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. වාහන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය තුළ සිදුවූ බව කියන බරපතළ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකරන ලද පුළුල් විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

ඔහුට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ කැබ් රථයක චැසි අංකය නීතිවිරෝධී ලෙස වෙනස් කර එය ව්‍යාජ ලෙස ලියාපදිංචි කිරීම සඳහා සෘජුවම ආධාර සහ අනුබල දීමයි.


මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ සැකකරු ඊයේ (27) දිනයේදී මෙලෙස සිය භාරයට ගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා අද (28) දින ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු සම්පාදනය කර තිබේ.

වයඹ පළාත් සභාවේ මාර්ග හා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ කමල් අමරසිංහ මහතා 2025 මෝටර් රථ ප්‍රවාහන ‍කොමසාරිස් ජෙනරාල් වරයා ලෙස සිය ධුරයේ වැඩ බාරගෙන තිබුණි.