qr-new-registration-starts-from-12-noon---server-traffic-is-high

රජය මගින් ලබාදෙන සතියේ ඉන්ධන කෝටාව ලබාගැනීම සඳහා 2022 ලබාදුන් පෙර පැවති කිව්ආර් කේත නැවත සක්‍රීයවී ඇති නමුත් අලුතින් දුරකථන අංකයකට හෝ වාහන අංකයකට ලබාදීමට අදාළ ලියාපදිංචිය අද (15) උදෑසන සිදු කර තිබුනේ නැත. නමුත් දහවල් 12 සිට එම පහසුකම සක්‍රීයවී ඇත.

කෙසේ වෙතත් එම නව ලියාපදිංචියට එකම මොහොතක වැඩි පිරිසක් උත්සාහ කිරීම හේතුවෙන් සර්වර තදබදය ඉහළ ගොස් එක්වරම උත්සාහ කර ලියාපදිංචිය සිදුකිරීමේ දෝෂ වාර්තාවේ. නමුත් මෙම තත්වය ඉදිරියේදී අවම වනු ඇතැයි අපේක්සා කෙරේ.


පෙර ලියාපදිංචි කෙනෙකුට තම නව දුරකථන අංකය හෝ තම නව වාහන අංකය ලියාපදිංචි කිරඑීමට අවශ්‍ය නම් ලියාපදිංචි පරිශිලකයකු ලෙස ලොග් විය යුතු අතර පසුව තමන්ගේ ප්‍රොෆයිලය මකා දැමිය යුතුය. අනතුරුව නව අයකෙු ලෙස දත්ත එක්කර ලියාපදිංචිය සිදුකළ හැකිය.