රට තුළ පවතින ඉන්ධන සැපයුම් ගැටලු මූලික කරගනිමින් සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක් බවට පත් කිරීමෙන් පසු අධ්‍යාපන ක්ෂේත්‍රයට ද මෙම තීරණය සෘජුවම බලපාන බැවින් රජයේ පාසල්වලට අමතරව රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල් ද
බදාදා දිනවල වසා තබන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා සහ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. මීට සමගාමීව, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මගින් නැවත දැනුම් දෙන තුරු සතියේ සෑම බදාදා දිනකම පෙර පාසල් පැවැත්වීම අත්හිටුවා ඇති අතර, එදිනට උපකාරක පන්ති සහ දේශන පැවැත්වීම ද සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.මෙලෙස වසා දමන රජයේ පාසල් වල බදාදා අන්තර්ජාල ඉගැන්වීම් ඇරඹිමට සූදානමක් රජයට නැත. නමුත් විශ්ව විද්‍යාල ඉගැන්වීම් අන්තර්ජාලයෙන් එදිනට සිදුකරන්නට හැකියාව ඇත. කෙසේ වෙතත් ජාත්‍යන්තර පාසල් හෝ උපකාරක පන්ති බදාදාට අන්තර්ජාල ඉගැන්වීම් සඳහා යොමු වන්නේ නම් ඊට බාධාවක් නැතිබවද පෙන්වාදී ඇත.මේ අතර, රටේ සමස්ත ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ අදාළ නිලධාරීන්ගෙන් සමන්විතව පත් කර ඇති කමිටු හතර විවිධ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි වගකීම් බෙදා දී ඇත.
ඒ අනුව, රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම පිළිබඳ කමිටුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ද, බලශක්ති කමිටුව අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ද පත් කර තිබේ. ඊට අමතරව, අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සහ ඒ පිළිබඳ නිරීක්ෂණය කිරීමේ කමිටුව අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන අතර, විවිධ සමාජ ස්ථරයන් වෙත සුබසාධන පහසුකම් සැලසීමේ වගකීම අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවකට පවරා ඇත. රජය තීරණය කර ඇති අතර, වත්මන් තත්ත්වය අධ්‍යයනය කරමින් ඉදිරි කටයුතු ක්‍රමවත් කිරීම සඳහා විශේෂ කමිටු හතර මේ වන විට පත් කර තිබේ.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පෙන්වා දෙන්නේ, මෙම නව තීරණයට අනුව සෑම බදාදා දිනයක්ම රජයේ කාර්යාල, අධිකරණ සේවා, පාසල් සහ විශ්වවිද්‍යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ක්‍රියාත්මක වන බවයි. එසේ වුවද සෞඛ්‍ය, වරාය, ජල සම්පාදන, බලශක්ති සහ රේගු වැනි අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා සපයන ආයතන සඳහා මෙම විශේෂ නිවාඩුව අදාළ නොවන බව රජය විසින් තහවුරු කර ඇත.

