hollywood-actress-jennifer-ranyan-who-fought-with-cancer-passes-away

ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපටයක් වන 'Ghostbusters' සහ 'Up the Creek' වැනි නිර්මාණ හරහා රසික හදවත් දිනාගත් අමෙරිකානු රංගන ශිල්පිනී ජෙනිෆර් රන්යන් වයස අවුරුදු 65 දී අභාවප්‍රාප්ත වී තිබේ. පසුගිය සිකුරාදා (මාර්තු 6 වැනිදා) රාත්‍රියේ ඇය මෙලොව හැරගිය බව ඉරිදා දිනයේ ඇයගේ නිල ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් මගින් නිල වශයෙන් තහවුරු කර ඇත.

අදාළ ෆේස්බුක් සටහන මගින් ඇයගේ මරණයට හේතුව නිශ්චිතව දක්වා නොතිබුණද, පවුලේ සාමාජිකයින් පිරිවරාගෙන ඇය අවසන් සුසුම් හෙළූ බවත් එය අතිශය දුෂ්කර ගමනක අවසානය බවත් එහි සඳහන් විය. කෙසේ වෙතත්, ඇයගේ සමීපතම මිතුරියක සහ 'Bewitched' ටෙලිනාට්‍යයේ රංගන ශිල්පිනියක වන එරින් මර්ෆි ප්‍රකාශ කර තිබුණේ ජෙනිෆර් පිළිකා රෝගයක් සමඟ සටන් කරමින් සිටි බවයි. තම මිතුරියගේ අභාවය සම්බන්ධයෙන් දැඩි ශෝකයක් පළකළ එරින්, ජෙනිෆර් යනු කෙනෙකුට හමුවීමටත් පෙරම මිත්‍රශීලී බවක් ඇති කරවන ඉතා සුවිශේෂී කාන්තාවක් බවද වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

ඇමරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ චිකාගෝ නුවර උපන් ජෙනිෆර් සිය රංගන දිවිය ආරම්භ කළේ 1980 වසරේදී තිරගත වූ 'To All a Goodnight' නම් චිත්‍රපටයෙනි. ඉන්පසුව ඇය 'Another World' සහ 'Charles in Charge' වැනි රූපවාහිනී නිර්මාණ රැසකට ද සිය දායකත්වය ලබා දුන්නාය. ඇයගේ රංගන දිවියේ සුවිශේෂීම සහ ප්‍රේක්ෂක මතකයේ රැඳුණු කඩඉමක් ලෙස 1984 වසරේ නිර්මාණය වූ 'Ghostbusters' චිත්‍රපටයේ ESP පරීක්ෂණ දර්ශනයේ ඇය නිරූපණය කළ සිසුවියගේ චරිතය හැඳින්විය හැක. ඊට අමතරව 1988 වසරේදී 'A Very Brady Christmas' ටෙලි චිත්‍රපටයේ සින්ඩි බ්‍රැඩීගේ (Cindy Brady) චරිතයට මෙන්ම, 1984 දී 'Up the Creek' සහ 1988 දී '18 Again!' වැනි සිනමාපට සඳහාද ඇය සිය රංගන ප්‍රතිභාව එකතු කළාය.