the-young-man-riding-a-bike-was-arrested-for-harassing-others-on-the-road-video

මහජන ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් අතිශය අපරීක්ෂාකාරී ලෙස යතුරුපැදියක් ධාවනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වයස අවුරුදු 19ක තරුණයෙකු නවගත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.




තරුණයින් දෙදෙනෙකු ගමන් ගත් මෙම යතුරුපැදිය සෙසු වාහනවලට මෙන්ම මගීන්ට ද දැඩි බාධාවක් වන ආකාරයෙන් ධාවනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග ආරක්ෂක අංශ මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කරන ලදී.

අදාළ වීඩියෝ දර්ශන ඔස්සේ සිදු කළ පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ සැකකරුවන් විසින් මෙම යතුරුපැදිය ආණමඩුව ප්‍රදේශය දෙසට ධාවනය කර ඇති බවයි.




ඒ අනුව ක්‍රියාත්මක වූ නවගත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (08) සවස් යාමයේදී මෙම සැකකාර ප්‍රධාන යතුරුපැදිකරුව නීතියේ රැහැනට කොටුකර ගැනීමට සමත් විය. මාර්ගයේ ගමන් ගන්නා අනෙකුත් රථවාහනවලට මෙන්ම මගීන්ට ද අනතුරක් වන සේ අන්තරායකර ලෙස ධාවනයේ යෙදීම සහ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීම යන බරපතළ චෝදනා යටතේ ඔහු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

මෙම අත්අඩංගුවට ගැනීමට සමගාමීව, සිද්ධියට යොදාගත් යතුරුපැදිය ද සිය භාරයට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.



නවගත්තේගම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන මෙම සැකකාර තරුණයා අද (09) ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, නවගත්තේගම පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවනු ලබයි.

gossiplanka image