a-statement-from-son-namal-about-father-mahindas-60-million-paga

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මිලියන 60 ක් අල්ලස් ලෙස ලබාගත් බවට අධිකරණයේදී හෙළිදරව්වූ එයාර් බස් සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා නිහඬ පිළිවෙතක සිටි මහින්ද පුතු හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (22) ප්‍රකාශයක් සිදු කර තිබේ. ඔහු එම කාරණාව ඇත්තද නැද්ද යන්න කියනු වෙනුවට මාතෘකාව වෙනත් අතකට යවන ආකාරයට ඒ ගැන කථාකර තිබේ.

ඔහු මෙසේ කියයි.




"ආණ්ඩුව පැහැදිලිවම තමන්ගේ නොහැකියාව වහගන්න තවමත් උත්සහ කරනවා පරණ තමන් කියපු බොරු ටිකක් අධිකරණය ලව්වා නැත්නම් මේ රටේ තියෙන ස්වාධීනයි කියන ආයතන ලවා ඔප්පු කරවන්න.ඉතින් ඒ හන්දා බය කරලා කට උත්තර ලියාගන්නවා ඉතින් මේක තමයි මේ ආණ්ඩුව පහුගිය ආණ්ඩු යහපාලන කාලය ආණ්ඩුවෙන් ගත්ත අත්දැකීම්.

මොකද යහපාලන ආණ්ඩුවේත් දූෂණ මර්දන කමිටුවල හිටපු අයනේ මේ ආණ්ඩුවේ ඉන්නේ. ඉතින් මට තියෙන කණගාටුව මේ රටේ ස්වාධීන ආයතන නීතිය ආරක්ෂා කරන්න තියෙන ජනතාවට සාධාරණයක් ඉෂ්ඨ කරන්න තියෙන ආයතනවලට තියෙන ගෞරවය සහ විශ්වාසය කඩන් වැටෙනවා. ඉතින් පොලිස්පතිවරයා තීන්දු කරන්න ඕන තවත් දුරටත් පැලවත්තේ මාලිමාවේ පොලිස්පතිවරයා විදියට වැඩ කරනවද නැත්තං අවංකවම ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා විදියට වැඩ කරනවද සාධාරණයක් කරනවද කියන එක ගැන.




ඉතින් ඔහොම මිලියන විස්ස විස්ස හදාගෙන යන්න ගියොතින් ඩොලර් බිලියන 18 හදාගන්න වෙන්නේ නෑ.මේ අවුරුදු පහට නෙවෙයි ඊළඟ ආත්මෙටවත්. ඒකෙන්ම පැහැදිලියිනේ ඉතින් දැන් කලින් කිව්වේ ඩොලර් බිලියන 18 ගැනනේ.දැම්මේ ඩොලර් බිලියන 18 ට හදන්න යන ගමන යන්නේ මිලියන විස්ස විස්ස එකතුකරන්.ඉතිං අපි ආණ්ඩුවට කියන්න තියෙන්නේත් කරුණාකරල මේ බංකළොත් දේශපාලනය නවත්වන්න.

ආණ්ඩුව තවදුරටත් අපිට මඩ ගැහුව කියල ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නෑ.දැන් කාගේ ගාවටද යන්නේ, රටේ වගකිවයුතු නිලධාරීන් මරණ තර්ජනය කරලා කට උත්තර ලියාගන්නවනම් පොලිස්පතිවරයාත් ඒකට සහයෝගය දෙනව නම් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවත් ඒ පිටිපස්සේ නම් ඉන්නේ අපි කාගේ ගාවටද යන්නේ? ඉතින් එතනින් එහාට අපට සාධාරණයක් ගන්න මොන ආයතනය ද තියෙන්නේ ඒ හින්ද තමයි මම පැහැදිලිවම කියන්නේ මේ කරන වැඩෙන් වෙන්නේ මේ සෑදීන ආයතනය කෙරෙහි තියෙන විශ්වාසය බිඳවැටෙනවා.



අපි ආණ්ඩුවටත් කියන්නේ කරුණාකරලා සාධාරණව පරීක්‍ෂණ කටයුතු කරන්න.දැන් එක් පුද්ගලයෙක් එල්ලිලා මැරිච්ච කාරණාවකුත් ඒ සම්බන්ධව සඳහන් වෙනවා. එල්ලිලා මැරෙන තැනට යනකම් පීඩනයක් දීලා තියෙනවා .එල්ලිලා මැරෙන තැනට ඔහුව තල්ලු කරලා තියෙනවා.අර අසූ අට අසූ නමය වගේ දැන් රජයේ ස්වාධීන ආයතන තුළත් එවැනි පීඩනයක් දීලා බොරු සාක්ෂි හදාගන්න හදනවානම් ඒ කාරණය පෙන්නලා තවත් කෙනෙක්ව බිය ගන්නවන්න උත්සාහ කරනවනම් ඉතින් එතනින් එහාට මේ රටේ රාජ්‍ය ආයතන සහ ස්වාධීන ආයතන වල තියෙන විනිවිද භාවය ගැන කාටද අපි කියන්නේ? පැහැදිලිවම අපි ගතයුතුයි නීතිමය ක්‍රියාමාර්ග හා දැනුම් දිය යුතු හැම ආයතනයටම අපි දැනුම් දෙනවා .

හැබැයි ඉතින් අවසානයේ තමන් හදපු බොරු සාක්ෂි තමයි අධිකරණවල නඩු අහන්න වෙන්නේ. ඉතින් මෙහෙම නම් යුද්දේ ඉවර කරල මේ රට ගොඩනගපු ජනාධිපතිවරයාටත් සලකන්නේ ඉතින් මේ රටේ සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතාව ඉටුකරන්නේ නැති අයට මේ ආයතන කොහොම හැසිරෙනවද කියලා හිතාගන්න පුළුවන්නේ.

ආණ්ඩුවට තියෙන ලොකුම ප්‍රශ්නය රාජපක්ෂලානේ. ඊට වඩා ලොකු ප්‍රශ්නයක් මේ රටේ ලෝකයෙ දැන් තියෙනවා කියලා තේරුම්ගතොත් හොඳයි.

මේක අලුත් දෙයක් නෙවෙයි අපිට යහපාලන ආණ්ඩුදත් එකයි ජේ.වී.පී ආණ්ඩුවත් එකයි.අදටත් එහෙමයි යුද්දේ ඉවර කරනකොට බැලුවත් මහින්ද රාජපක්ෂ එදා පාර්ලිමේන්තුවේ කරපු කතාවේ කිව්වා මට විතරක් නෙවෙයි මගේ පවුලේ අයට විතරක් නෙවෙයි මගේ දරුවන්ගේ දරුවන්ටත්. මේ ගත්ත තීන්දුව මත යම් අභියෝග එල්ල වෙයි කියලා.ඒ තීන්දු අපි දැනගෙන තමයි ගත්තේ ඒ හින්දා පසුතැවෙන්නෙත් නෑ පසු බහින්නෙත් නෑ."