the-police-have-found-the-car-that-the-suspects-were-believed-to-have-come-from-in-connection-with-the-shooting-of-a-lawyer-and-his-wife-at-a-supermarket-parking-lot-in-akuregoda-after-it-was-set-on-fire-in-galle-baddegama-area

තලංගම, අකුරේගොඩ පිහිටි සුපිරි වෙළෙඳසැල් රථ ගාලකදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් පැමිණි බවට විශ්වාස කෙරෙන මෝටර් රථය ගාල්ල බද්දෙගම ප්‍රදේශයේ ගිනිබත් කර තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ. පසුගිය පෙබරවාරි 13 වන දින අකුරේගොඩ යුද හමුදා මූලස්ථානය අසලදී මෙම සාහසික අපරාධය සිදුවූ අතර, ඉන් ජීවිතක්ෂයට පත්වූයේ 44 හැවිරිදි නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ 42 හැවිරිදි බිරිඳයි.

මෙම ද්විත්ව ඝාතනය සිදුකළ නාඳුනන වෙඩික්කරුවන් පලා යාම සඳහා භාවිත කළ බවට සැකකෙරෙන 'EP KI 7738' දරණ අදාළ මෝටර් රථය ගාල්ල බද්දෙගම අගලිය, කුට්ටියාවත්ත අතුරු මාර්ගයක දමා ගොස් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශන ආරම්භ කර ඇත. පොලිස් නිලධාරීන් එම ස්ථානයට යන අවස්ථාව වන විටත් එම මෝටර් රථය ගිනි ගනිමින් පැවති බව විමර්ශන අංශ තහවුරු කරයි.

මෙම ඝාතනය විදේශගතව සැඟව සිටින 'කරන්දෙණියේ සුද්දා' නොහොත් ජයලත් සිල්වා නැමැති සංවිධානාත්මක අපරාධකරු විසින් මෙහෙයවා ඇති බවට පොලීසිය මේ වන විට දැඩි ලෙස සැක පළ කරයි. මියගිය නීතිඥවරයා මීට පෙර අදාළ අපරාධකරුගේ නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිට ඇති අතර, පසුව ඔහුගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන 'ලොකු පැටී' නැමැත්තාගේ නඩු කටයුතු සඳහා ද පෙනී සිට තිබේ. ඒ අනුව, කරන්දෙණියේ සුද්දාගේ තොරතුරු ප්‍රතිවාදී පාර්ශ්වයට ලබාදී ඇති බවට ඇතිවූ සැකයක් මත මෙම ඝාතනය සැලසුම් කර ඇති බවට විමර්ශන හරහා අනාවරණය වෙමින් පවතී.

කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කර තිබුණේ මියගිය නීතිඥවරයා සංවිධානාත්මක අපරාධ කල්ලියක් වෙනුවෙන් පෙනී සිටි බවට හෝ ඔහුට මරණ තර්ජන එල්ල වී තිබූ බවට මූලික අවස්ථාවේදී නිල වශයෙන් තහවුරු වී නොතිබුණු බවයි. එහෙත් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බළකාය, කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් දහයක් ඒකාබද්ධව පුළුල් මෙහෙයුමක් දියත් කර ඇති අතර, ඝාතකයින් හෝමාගම, පොතුඅරාව පාර, අතුරුගිරිය, කොට්ටාව සහ මාකුඹුර යන ප්‍රදේශ හරහා පලාගොස් මෙලෙස බද්දෙගමට යන්නට ඇති බවට ද හඳුනාගෙන තිබේ.

සැකකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා පොලීසිය මේ වන විට මහජන සහාය අපේක්ෂා කරයි.