some-have-made-a-problem-with-the-shape-of-the-presidents-hair

නිදහස් දින සැමරුමේ ඡායාරූප පළ කරමින් ජනාධිපතිතුමාගේ පෞරුෂය ප්‍රමාණවත් නොවන බවට මඩ ගැසීම් සිදු කෙරෙන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.





එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, නිදහස් උලෙළේදී ලබාගත් ජනාධිපතිවරයාගේ ඡායාරූප, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ අනෙකුත් පුද්ගලයන්ගේ ඡායාරූප සමඟ සංසන්දනය කරමින්, ජනාධිපතිතුමාගේ පෙනුම සහ පෞරුෂය දුර්වල බවට විවේචන එල්ල කරන බවයි.




මෙවැනි ක්‍රියාවන් දැඩිව හෙළා දුටු අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කළේ, මේ රටේ ජනතා ඡන්දයෙන් නායකයෙකු පත් වූ පසු, ඔහුට ගෞරව දැක්වීම සියලු දෙනාගේ වගකීම බවය.

එමෙන්ම, තමන් විපක්ෂ නායකවරයාගේ ශරීර ස්වභාවය හෝ පෞද්ගලික ලක්ෂණ පිළිබඳව කතා නොකරන බවත්, ඔහු ද ජනතා ඡන්දයෙන් පත්වූ නායකයෙකු බැවින් ඔහුට ද ගෞරව කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.