sabina-yusuf-who-won-the-third-place-in-the-world-married-miss-contest-went-to-the-island-photos

ශ්‍රී ලංකාවට අභිමානයක් එක් කරමින්, ඇමරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් නුවර පැවති 41 වැනි “ලෝක විවාහක රූ රැජින” (Mrs. World) තරගාවලියේදී විශිෂ්ට ජයග්‍රහණ රැසක් දිනාගත් සබීනා යූසෆ් මහත්මිය අද (04) අලුයම දිවයිනට පැමිණියාය.

ලොව රටවල් 60ක තරගකාරියන් සමග උරෙන් උර ගැටෙමින් ඉදිරියට ආ ඇය, තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූවාය. එපමණක් නොව, “ජායාකාන්ත” (Mrs. Photogenic) රැජින ලෙස ද ඇය කිරුළු පැළඳීම සමස්ත ශ්‍රී ලංකාවටම මහත් ගෞරවයක් විය.

ඉකුත් ජනවාරි මස 22 වන දින සිට 29 වන දින දක්වා පැවති මෙම ජාත්‍යන්තර තරගාවලිය නිමවා, අද අලුයම 02.45ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වූ ඇය, දෝහා සිට කටාර් ගුවන් සේවයට අයත් QR-662 දරන ගුවන් යානයෙන් පැමිණියාය.

මෙම විශිෂ්ට ජයග්‍රහණ ලැබූ සබීනා යූසෆ් මහත්මිය පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපොළේ “ගෝල්ඩ් රූට්” (Gold Route) විශේෂ මගී පර්යන්තය වෙත විශාල ජනකායක් එක්රැස් වී සිටියහ.