2022 මැයි 9 දින අරගලයට එරෙහිව රජය දියත් කළ මර්දනයට කුපිතව සිටි තරුණ පිරිස් අමරකීර්ති අතුකෝරල හා ආරක්ෂකයා ගමන් කරමින් සිටි වාහනය නවතාගෙන එය වටකර විරෝධය දක්වද්දී පිරිස බය කිරීමට රිය ඇතුලේ සිට ආරක්ෂක නිලධාරියා තරුණයින්ට වෙඩි පහර එල්ල කළ අතර එම අවස්ථාවේ එක් තරුණයෙකුද පසුව රෝහලේදී තවත් තරුණයෙකුද ජීවිතක්ෂයට පත්විය.
එම මරණ වලට වගකිව යුතුවූයේ ඇමති ආරක්ෂක නිලධාරියාය. මෙම ප්‍රහාරයෙන් පසු තරුණයින් ඔවුන් පසුපස හඹා එන අවස්ථාවේ වාහනයෙන් බැස්ස දෙන්නා ආසන්නයේ පිහිටි නිමි ඇඳුම් ආයතන ගොඩනැගිල්ලකට රිංගූ අතර ඒ වෙත ලුහුබැඳගිය තරුණයින් ඔවුන්ව ඔවුන්ගේ ගිනි අවි වලින්ම මරා දමා තිබුණි. කෙසේ වෙතත් තරුණයින් මුලින් සාක්ෂි දුන්නේ ඔවුන් සියදිවි නසාගත් බවටය.
නිරායුධ අරගල භූමියේ අට්ටාල විනාශ කර පිරිස පන්නා දැමීමෙන් පසු රටම අවුල් ජාලයක් බවට පත්ව තිබූ එදින අගමැති ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂගේ ඉල්ලා අස්වීම මෙන්ම ඇමති නිවාස ගිනිබත්වීමත් සිදුවූ අවාසනාවන්ත සිදුවීම් ගහණ දිනයක් බවට ද පත්ව තිබුණි.