බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක සිසුන් අතර ඇති වූ දරුණු ගැටුමකින් තුවාල ලැබූ සිසුන් හත් දෙනෙකු කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
පොලිසිය වාර්තා කළේ, බෙරුවල අධ්‍යාපන කලාපයට අයත් වලාන මහා විද්‍යාලයේ සහ අලුත්ගම පාදගොඩ මහා විද්‍යාලයේ සිසුන් කණ්ඩායම් දෙකක් අතර ඊයේ (5 වැනිදා) ඇති වූ උණුසුම් වාද විවාදයකින් පසු මෙම සිද්ධිය සිදුව ඇති බවයි.
පොලිසියට අනුව, වලාන මහා විද්‍යාලයේ ගුරුවරියක් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, එහි සඳහන් වන්නේ අලුත්ගම පාදගොඩ මහා විද්‍යාලයේ පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් සිටි ඇයගේ සිසුන් ප්‍රහාරයට ලක්ව ඇති බවයි.
මෙම සිද්ධියට ප්‍රදේශයේ තවත් කිහිප දෙනෙක් ද සම්බන්ධ වී ඇති බවට පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
ගැටුම අතරතුර හිසට සිදු වූ තුවාල හේතුවෙන් තුවාල ලැබූ සිසුන්ගෙන් එක් අයෙකුට ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.