මින් ඉදිරියට රාජ්‍ය ආයතනවලට රියැදුරන් බදවා ගැනීම සදහා තරග විභාගයක් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.මෙම තරග විභාගය විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන අතර ඉන් සමත්වන අපේක්ෂකයන් වෘත්තීය පරීක්ෂණයකට සහ සම්මුඛ පරීක්ෂණයකට කැඳවා රියැදුරු සේවයට බඳවා ගැනීමට නියමිත බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරයි.
මීට පෙර ඇතැම් රාජ්‍ය ආයතනවලට රියැදුරන් එම ආයතන මගින් බඳවා බඳවා ගත් අතර එම ක්‍රමය නතර කිරීම සඳහා ඒකාබද්ධ රියදුරු සේවයේ සේවා ව්‍යවස්ථාවේ බඳවා ගැනීම් ක්‍රමවේදය සංශෝධනය කර තිබෙන බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.නව ක්‍රමයට බඳවා ගන්නා රියැදුරන්ගේ සේවය ස්ථිර වන අතර ඔවුන්ට විශ්‍රාම වැටුපක් හිමි වන බව ද එම අමාත්‍යාංශය කියයි. ඒ අනුව රාජ්‍ය ආයතනවලට රියැදුරන් බඳවා ගැනීම සඳහා මේ වන විට අයදුම්පත් කැඳවා තිබේ.
රියැදුරු තනතුර සඳහා බඳවා ගැනීමට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙවරකට නොවැඩි වාර ගණනක දී සිංහල සහ දෙමළ භාෂාවට සාමාර්ථයක් සහිතව සම්මාන දෙකක් සහ විෂයයන් හයක් සමත් විය යුතු බවද එහි සඳහන් කර තිබේ.ඒ සඳහා අයැදුම්පත් බාර ගැනීම මාර්තු 16 වැනිදා දක්වා සිදු කරන අතර විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lkයන වෙබ් අඩවියට පිවිස මාර්ග ගත ක්‍රමයට එම අයදුම්පත් සම්පූර්ණ කළ යුතු බවද එම අමාත්‍යාංශය කියයි.රාජ්‍ය සේවයට රියැදුරන් බඳවා ගැනීම සඳහා වන තොරතුරු 2026.2.13දිනැති ගැසට් පත්‍රයේ පළ කර තිබේ.



