මෙරට පැවැත්වෙන ලෝක කුසළාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ඕස්ට්‍රේලියානු සහ පකිස්තානු ක්‍රිකට් කණ්ඩායම් දෙක අද (රාත්‍රී) දිවයිනට සේන්දු විය.
පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩකයින් සහ නිලධාරීන් 32 දෙනෙකුගෙන් සමන්විත වූ අතර, ඕස්ට්‍රේලියානු කණ්ඩායම ක්‍රීඩකයින් සහ නිලධාරීන් 27 දෙනෙකුගෙන් යුක්ත විය.
එම කණ්ඩායම් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

