13-child-killed-in-lorry-accident-on-udawalawa-tanamalwila-road

උඩවලව පොලිස් වසමට අයත් උඩවලව - තණමල්විල මාර්ගයේ මළබොටුආර ප්‍රදේශයේදී ඉරිදා දින සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 13ක පිරිමි ළමයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.




බැරියල් හන්දිය දෙස සිට තණමල්විල දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක්, මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි දරුවාගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

ලොරි රථයේ ගැටීමෙන් බරපතල තුවාල ලැබූ දරුවා වහාම උඩවලව රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇත. මියගිය දරුවා උඩවලව ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන තිබේ.




අනතුරට හේතු වූ ලොරි රථයේ රියදුරු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු උඩවලව පොලිසිය විසින් මෙහෙයවනු ලබයි.