education-reforms-resignation-call

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා අස්කර ගන්නා ලෙස සහ අගමැතිනි හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද (12දා) අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළේය. රජය විසින් මෙම හානිකර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මුළුමනින්ම හකුලාගත යුතු බව විමල් වීරවංශ ප්‍රකාශ කර තිබේ.

ජවිපේ සිට මහින්ද රාජපක්ෂ රජයට එකවර මාරුවූ දේශපාලන ඉතිහාසයක් ඇති විමල් වීරවංශ ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ ඇමති ධූරයක් දැරූවද පසුව බැසිල් රාජපක්ෂ විවේචනය කරමින් ඉවත් විය. පසුගිය මහමැතිවරණයේ කිසිදු දේශපාලන පක්ෂයකින් තරග නොවැද නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. පසුගියදා මහින්ද රාජපක්ෂ බැහැදැකීමට මැදමුලනටද ගිය ඔහු නැවත මාධ්‍ය ඉදිරියේ පුවත් මවන්නෙකු බවට පත්ව ඇත. ඔහු සිය පැරණි සාමාජික පක්ෂය බාහිරව සිටිමින් කුඩා කන්ඩායමක් ගොඩනගාගෙන විවේචනය කරන්නේ ජාතික නිදහස් පෙරමුණ ඔස්සේය.




මීට ඉහතත් රටේ අවධානය දිනාගනිමින් විමල් වීරවංශ උපවාස 2 ක් කර තිබේ. ආසන්න කාලයේ 2017 දී උපවාස කර තිබුනේ ඔහු ඥාති සංග්‍රහ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියදී අධිකරණයෙන් ඇප ලබානොදී සිටීමට විරෝධය පළ කරමින්ය. කිසිදු ආහාරයක්‌ ලබා නොගත් සිරමැදිරිය තුළ වැතිරී මෙසේ උපවාසයේ නිරතව සිටි කාලයේ මහානායක හිමිවරුන් පවා ජාතික නිවේදන සිදුකර තිබුණි. අනතුරුව ඔහුට ඇප ලැබුණ නමුත් ඇප මත නිදහස ලැබීමෙන් පසු සතිඅන්ත පුවත්පතක් අමතා සම්මුඛ සාකච්ඡාවක් ලබාදී පවසා සිටියේ තමා එලෙස නිරාහාරව සිටියේ ඇප ලබාගැනීමේ අදහසින් නොවන බවයි.

විමල් වීරවංශ 2010 දී තුම්මුල්ලේ එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට දින දෙකහමාරක් නිරාහාරව සිටි බව පවසමින් විශාල නාටකීය උපවාසයක් සිදුකර තිබුනේ එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ශ්‍රී ලංකා රජයේ යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට කමිටුවක් පත්කරන බව නිවේදනය කළ පසුවය. එහි ඔහු වැතිර සිටි අට්ටාලය පසුපස 'ලෙමන් පෆ්' බිස්කට් පෙට්ටි කිහිපයක් තිබී හසුවූ අතර මහින්ද පැමිණ වතුර පෙවීමෙන් පසු වකුගඩු අක්‍රීය වන බව පවසා උපවාසය අත්හැරියේය. නමුත් ඒ නිසා එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් සිය තීරණයේ වෙනසක් සිදු කරේ නැත.




විමල් අද (12) ඇරඹූ සත්‍යග්‍රහය නතරවන්නේ හරිනි ඉවත්වීමෙන්ද නාමල් වතුර පෙවීමෙන්ද යන්න තවම කුතුහලයකි.

gossiplanka image