when-she-was-told-not-to-go-the-drug-lover-took-the-money-and-killed-the-daughter---angulanas-death-in-the-elevator

අඟුලාන, සයුරපුර මහල් නිවාස සංකීර්ණයේ ඉහළ මාලයක පිහිටි විදුලි සෝපාන පාලන මැදිරිය තුළ තිබී තරුණ කාන්තාවකගේ මළසිරුරක් ඊයේ (27) දහවල් සොයාගනු ලැබීය. නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් විසින් අඟුලාන පොලිස් ස්ථානයට ලබා දුන් තොරතුරකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති අතර, මෙය පහරදීමක් හේතුවෙන් සිදු වූ ඝාතනයක් බවට දැනට සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.




මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වාද්දූව, කුඩාවස්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණියකි. මියගිය තරුණිය සහ ඇයගේ පෙම්වතා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම මෙම ඝාතනයට ආසන්නතම හේතුව වී ඇති බව පොලිසිය සැක පළ කරයි.

වාර්තා වන අන්දමට මෙම යුවළ අතර කාලයක සිට විවිධ ගැටුම් පැවතී ඇති අතර, ඒ සම්බන්ධයෙන් මීට පෙර ඔවුන්ගේ දෙමාපියන් විසින් පොලිසිය වෙත පැමිණිලි ද ඉදිරිපත් කර තිබේ. මේ ගැන අදහස් දක්වමින් මියගිය තරුනියගේ පියා පැවසුවේ මෙම පවුල කළුතර පදිංචි කාලයේ සිට පැවති සම්බන්ධයක් බවත් පෙම්වතා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවී සිටි නිසා සම්බන්ධයට දෙමාපිය විරෝධය පැවති බවත්ය. ඔහුට හමුවීම තහනම් කරන නියෝගයක් කලුතර උතුර පොලිසියට කළ පැමිණිල්ලක් මත දමා තිබූ නමුත් තම දියණිය එම සම්බන්ධය අතැර දමන්නට අතමැත්තෙන් සිටි බවත් පෙම්වතා අඩගසන ඕනෑම වේලාවක ඔහු හමුවන්නට ගිය බවත් කියා ඇත. සිද්ධිය වූ දිනයේදීද ඇගෙන් මුදල් ලබාගෙන ඇති පෙම්වතා අනතුරුව බහින්බස්වීමක් සිදුකර ඇතැයිද මහල් නිවාසයේ ඉහළ පිහිටි විදුලි සෝපාන මැදිරියට කැඳවාගෙන ගොස් තිබී ඇතැයිද වාර්තාවී තිබේ. සැකකරු විසින් එල්ල කරන ලද දැඩි ප්‍රහාරයකින් මෙම මරණය සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී පොලිසියට හෙළි වී ඇත.




ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අඟුලාන පොලිසිය විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතව ඇති අතර පොලිස් කණ්ඩායම් කිහිපයක් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

gossiplanka image 1
gossiplanka image 2


gossiplanka image 3
gossiplanka image 4


gossiplanka image 5