කොළඹ නාලන්දා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාව සිටි සිසුවෙකු විද්‍යාලයේ ගුරුවරියන් තිදෙනෙකු හා මිතුරෙකුගේ මවක සමග පැවැත්වූ 'ෆෝන් සෙක්ස්' වීඩියෝ පට සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම සම්බන්ධ පරීක්ෂණ වලදී මේ වනවිට තොරතුරු කිහිපයක් අනාවරණයවී තිබේ. මෙම සිසුවා උසස් පෙළ විභාගයට ලියා ඇත්තේ 2024 දී වන අතර ඒවනවිට ශිෂ්‍ය නායක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස පමණක් සිට ඇත.
සාමාන්‍යයෙන් නාලන්දා විද්‍යාලයේ මුලින්ම සහය ශිෂ්‍ය නායකවරුන් ලෙස සාමාන්‍ය පෙළ විභාගය හමාරවී සිටින කණ්ඩායම බඳවාගන්නා අතර ඒ අය අතරින් කොටසක් ජ්‍යෙෂ්ඨ කණ්ඩායමට බඳවාගන්නේ උසස් පෙළට ලියන වසරේදීය. උසස් පෙළ විභාගයෙන් පසු ප්‍රතිඵල අපේක්ෂිත නිදහස් කාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ඇතුළු ප්‍රධාන තනතුරු කිහිපයක් ජ්‍යෙෂ්ඨ කණ්ඩායම අතරින් තෝරාගන්නා අතර ඔහු ඇතුළු ප්‍රධාන තනතුරු දරන ශිෂ්‍ය නායක මඩුල්ල පාසලේ අධ්‍යයන වැඩවලට සම්බන්ධ නොවී පූර්ණකාලීනව සිය ධූරවල කටයුතු කරන පරිදි සම්ප්‍රදාය පවතී. සමාජ මාධ්‍ය පණිවිඩ අනුව මෙම සිසුවාගේ හිතමිතුරන් ඔහුට ප්‍රධාන ශිෂ්‍ය නායකත්වය ලැබීම ගැන සුබ පතන්නේ 2025 පෙබරවාරි 15 වනදාය.සිසුවාගේ කාන්දුවූ වීඩියෝ පටිගත කිරීම් අතරතුර ඔහුගේ ජංගම දුරකථනයේ දිස්වන නොටිෆිකේෂන් පණිවිඩ කිහිපයක්ද පටිගතවී ඇති අතර 'බුද්Xනී මැඩම්' යයි ඔහු හඳුන්වා තිබෙන අංකයෙන් ආ වීඩියෝ ඇමතුමේ අග දිස්වන පණිවිඩ අනුව 2024 නොවැම්බර් 21 වනදා සිදුවූ නව රජයේ නියොජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම පිළිබඳ පුවතක් එහි සටහන්වේ. ඒ අනුව එම පටිගතවීම සිදුවන්නේ එදින යයි අනුමාන කළ හැකිය.
නොවැම්බර් 25 වනදා 2024 වසරේ උසස් පෙළ ආරම්භවූ අතර ඒ වනවිට පාසල්වලට නිවාඩු ලබාදී මොහු පාඩම් කරමින් සිටින්නට ඇතැයිද ගුරුවරිය නිවසේ සිටින්නට ඇතැයිද අනුමාන කෙරෙයි. කෙසේ වෙතත් මේ කාලයේ අදාළ සිසුවා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයෙකු පමණක් වන අතර ප්‍රධාන ශිෂ්‍ය නායකත්වය ලැබී නැති බව පැහැදිලිය. අද දින ජාතික පුවත්පතක පළව ඇත්තේ 'සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරෙන සිද්ධිය මීට වසර දෙකකට පෙර සිදුවූවක් ' ලෙසය. කෙසේ වෙතත් පටිගතවීම සිදුවන්නේ වසර එකකුත් මාස 2 කට පමණ පෙරයි.
අනෙක් වීඩියෝ පටිගතවූ දින වකවානු පැහැදිලි නැත. 'ඊට සම්බන්ධ ගුරුවරියන් දෙදෙනා ද මේ වන විට පාසලෙන් මාරු වී ගොස් ඇතැයි' ද එක් ගුරුවරියක් මාරු වී ගොස් ඇත්තේ මීට මාස හයකට පමණ පෙර යයිද අනෙක් ගුරුවරිය මීට මාසයකට පමණ පෙර මාරු වී ගොස් ඇති බවද පුවත්පත් වාර්තා කර ඇත. සිද්ධියට සම්බන්ධ අනෙක් දෙදෙනාගෙන් එක් අයෙක් පාසලේ මවක වන බවත් අනෙක් තැනැත්තිය පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයකින් තාවකාලික පුහුණුවක් සඳහා පාසලට පැමිණි අයෙකු බවත් නාලන්දා විද්‍යාලයේ තහවුරු කළ ආරංචි මගින් පුවත්පතේ පළ කර ඇත. ඒ අනුව විද්‍යාලයේ ස්ථාවර ගුරුවරුන් දෙන්නෙකු පමණක් මෙම සිද්ධියට සම්බන්ධ බවත් ඔවුන් දෙන්නාම දැන් පාසලේ නැති බවත් හැඟවුම් කර ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන ශිෂ්‍ය නායකයා උසස් පෙළ විභාගයට පෙනී සිට ඇත්තේ ඉකුත් 2024 දී වන අතර ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස පත් කර ඇත්තේ විභාගයෙන් පසුව වසරක කාලයක් සඳහා ය. සිද්ධිය පාසලට ආරංචි වූ ආකාරය පැහැදිලි නැති අතර එය රහසිගතව විමර්ශනය කර ගුරුවරුන්ට පමණක් දඩුවම් ලැබුනේද යන්නද පැහැදිලි නැත.
අධ්‍යාපන අමාත්‍යංශය මේ ගැන පරීක්ෂණය අරඹන්නේ දැන් නිසා මෙයට පෙර අදාළ ප්‍රශ්නයට අමාත්‍යංශ මට්ටමේ මැදිහත්වීමක් සිදුව නැති බව පැහැදිලිය.
මෙම සිදුවීමේ විශේෂ කාරණාව වන්නේ සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන අනාවරණය වීම සිදුවන්නේ පසුගිය ජනවාරි 11 වැනිදා විමය. එදින ම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඇති පාසල් පරිපාලනය 16 වැනිදා එම සිසුවා ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුරින් ඉවත් කර තිබේ.
පසුව සිද්ධියට අදාළ වාර්තාවක් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ද ලබා දී ඇතැයි දන්වා ඇත.
කෙසේ වෙතත් ගුරුවරියන් මාරු කිරීම මාස 6 කට පෙර සිදුවී ශිෂ්‍ය නායකයා පසුගිය සතියේ ඉවත් කිරීමද පරස්පර කාරණාවන්ය. මන්ද අදාළ වීඩියෝ තුළ පාර්ශ්ව දෙකටම නිසි පියවරක් ගෙන තිබිය යුතු බැවිනි.ගුරුවරියන් මාරුවීම මෙම හේතුව නොවන වෙනත් හේතු සාධක මත සිදුවූවාද යන්නද සැකයකි.
යූටියුබ් නාලිකාවක පළව ඇති තොරතුරු අනුව මෙම සිසුවා ධනවත් පවුලක සාමාජිකයෙකු වන අතර ඔහුට ප්‍රධාන ශිෂ්‍ය නායකත්වය ඇතුළු පිළිගැනීම් ලැබීමට එම පවුල් පසුබිමද බලපා ඇත. ඊට අමතරව පාසල් ගුරුවරියන් සමග ඔහු පවත්වා තිබෙන 'PR එක' ද ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර ලබාගැනීමට උත්තේජනයක් සපයා ඇතැයි පැවසේ.
මෙම සිසුවා පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වී තිබෙන බවත් සිද්ධිය ප්‍රචාරය වීමත් සමග එම ආයතනයෙන් ද සිසුවා ඉවත් කර තිබෙන බවත් පුවත්පත් වාර්තාව පෙන්වා දෙයි.
අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙම පාසලේ උත්සවයක ප්‍රධාන ආරාධිත ලෙස පසුගිය සිකුරාදා (23 වැනිදා) පැමිණ තිබූ අතර සිද්ධියට අදාළ ප්‍රචාරය සමාජ මාධ්‍ය ඔස්සේ ආරම්භ කර තිබුනේ එදින ය.
වීඩියෝ දර්ශන අනාවරණය වූ දින සිට ඒ දක්වා සමාජ මාධ්‍යයෙන් කිසිදු ප්‍රචාරණයක් සිදු වී නොමැතිවීම නිසා මෙම සිද්ධිය දේශපාලන කාරණා මත ඉස්මතු කළ බවටද ඇතැමුන් තර්ක කර තිබේ.
කෙසේ වෙතත් මෙම පරස්පරතා මැද වර්තමාන කාලයේ සිසු -ගුරු සබඳතාවන්හි පවතින පිරිහීම සහ ඊට බලපාන ටෙලි නාට්‍ය කලා නිර්මාණ භාවිතාවන් ගැනද සාකච්ඡා මතුවෙමින් පවතී.
