tuition-classes-related-to-advanced-level-2025-banned-from-tomorrow-6

2025 වසරේ  අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, දේශන සහ සම්මන්ත්‍රණ හෙට (06) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.





මෙම තහනම විභාග කාලසීමාව අවසන් වන තෙක් ක්‍රියාත්මක වනු ඇත.


මේ අතර, ආපදා හේතුවෙන් කල් දමන ලද උසස් පෙළ විෂයයන් සඳහා වන විභාගය, ජනවාරි මස 12 වනදා සිට 20 වනදා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,362කදී පැවැත්වීමට නියමිත බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.