හොලිවුඩයේ ප්‍රමුඛතම සම්මාන උළෙලක් වන 83 වැනි ගෝල්ඩන් ග්ලෝබ් (Golden Globe) සම්මාන උළෙල ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ලොව පුරා සිනමා සහ රූපවාහිනී ක්ෂේත්‍රයේ දැවැන්ත තරු රැසක් මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා රතු පලස මතින් ගමන් කරනු දක්නට ලැබුණි.
පසුගිය වසර දෙකේම සම්මාන සඳහා නිර්දේශ වූ අරියානා ග්‍රාන්ඩේ, 'Wicked' සහ එහි දෙවන කොටස වන 'Wicked: For Good' වෙනුවෙන් මෙවරද පැමිණ සිටියාය. මීට පෙර චිත්‍රපට අංශයෙන් නිර්දේශ වී සිටි ග්ලෙන් පවෙල් මෙවර සම්මාන උළෙලට එක්වූයේ 'Chad Powers' නම් රූපවාහිනී කතා මාලාව නියෝජනය කරමිනි. 'Addams Family' හි උප කතා මාලාවක් වන 'Wednesday' වෙනුවෙන් ජෙනා ඔර්ටේගා සම්මාන උළෙලට එක්ව සිටි අතර, 'Only Murders in the Building' හි රඟන සෙලීනා ගෝමස්, පසුගිය සැප්තැම්බරයේ විවාහ වූ සංගීත නිෂ්පාදක බෙනී බ්ලැන්කෝ සමඟ රතු පලසට පැමිණියාය.'The White Lotus' හරහා රංගනයට පිවිසි බ්ලැක්පින්ක් කණ්ඩායමේ ලිසා ද මෙම අවස්ථාව වර්ණවත් කළ තරු අතර විය. 'The Last of Us' හි රඟන බෙලා රැම්සේ බෝ එකකින් හැඩකළ ඇඳුමකින් සැරසී සිටි අතර, 'The Bear' හි රඟන අයෝ එඩෙබිරි වසර හතරක් තුළ තෙවැනි වරටත් හොඳම රූපවාහිනී විකට නිළිය ලෙස නිර්දේශ වී සිටීම විශේෂත්වයකි. ජූලියා රොබට්ස් 'After the Hunt' චිත්‍රපටය වෙනුවෙන් නිර්දේශ වී සිටියේ ඇගේ වෘත්තීය දිවියේ 11 වැනි ගෝල්ඩන් ග්ලෝබ් නිර්දේශය සනිටුහන් කරමිනි. රොබට් පැටින්සන් සමඟ රඟන 'Die My Love' චිත්‍රපටය වෙනුවෙන් ජෙනිෆර් ලෝරන්ස් නිර්දේශ වී සිටි අතර, ඩ්වේන් ජොන්සන් සිය බිරිඳ ලෝරන් හෂියන් සමඟ රතු පලසට පැමිණියේය. 'Hamnet' චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිළිය සම්මානය දිනාගනු ඇතැයි අපේක්ෂා කෙරෙන ජෙසී බක්ලි මෙන්ම, 'Sentimental Value' චිත්‍රපටයේ හොඳම සහය නිළිය ලෙස නිර්දේශ වූ එල් ෆැමිං ද උත්සවයට සහභාගී වූහ.
රිදී පැහැති පත්‍ර හැඩැති මෝස්තරවලින් හැඩගැන්වුණු ටක්සිඩෝ ඇඳුමකින් සැරසී සිටි කෝල්මන් ඩොමින්ගෝ කාගේත් අවධානය දිනා ගත්තේය. 'Emily In Paris' සහ 'Run Away' හි රඟන මිනී ඩ්‍රයිවර් මෙන්ම, හෙන්රික් ඉබ්සන්ගේ නාට්‍යයක් ඇසුරින් තැනූ 'Hedda' චිත්‍රපටයේ හොඳම නිළිය ලෙස නිර්දේශ වූ ටෙසා තොම්සන් ද මෙහිදී දක්නට ලැබුණි. 'The White Lotus' හි රඟන බ්‍රිතාන්‍ය නිළි ඒමි ලූ වුඩ් සහ 'One Battle After Another' වෙනුවෙන් නිර්දේශ වූ ටෙයානා ටේලර් ඇතුළු පිරිසක් ද රතු පලස මතින් ගමන් ගත්හ. ඇඩම් ස්කොට් සම්මාන උළෙලට එක්වූයේ ඇපල් රූපවාහිනී සේවාවේ 'Severance' කතා මාලාව නියෝජනය කරමිනි. රෝස් බර්න් සහ 'Nouvelle Vague' චිත්‍රපටයේ රඟන සෝයි ඩොයිච් ද සම්මාන උළෙලට සහභාගී වූ අතර, රන්වන් පැහැති කමිසයකින් සැරසී සිටි වෝල්ටන් ගොගින්ස් සිය බිරිඳ සමඟ පැමිණියේය. අමන්දා සයිෆ්‍රිඩ් 'The Testament of Ann Lee' සංගීතමය නිර්මාණය වෙනුවෙන් නිර්දේශ වී සිටියාය.
නෙට්ෆ්ලික්ස් හි විකාශය වූ 'Adolescence' නාට්‍යය වෙනුවෙන් සම්මාන රැසක් දිනාගත් ඕවන් කූපර් සිය සහය රංගන ශිල්පිනී එරින් ඩොහර්ටි සමඟ උත්සවයට එක්විය. 'Almost Famous' වෙනුවෙන් ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් දිනා වසර 25කට පසු, කේට් හඩ්සන් මෙවර 'Song Sung Blue' වෙනුවෙන් නිර්දේශ වී සිටීම විශේෂ සිදුවීමක් විය. චිත්‍රපට අංශයේ ප්‍රධාන තරඟකරුවෙකු වන 'Hamnet' හි විලියම් ෂේක්ස්පියර්ගේ චරිතය නිරූපණය කළ පෝල් මෙස්කල් ද නිර්දේශ නාම අතරට එක්ව සිටි අතර, 'One Battle After Another' චිත්‍රපටයේ චේස් ඉන්ෆිනිටි, බ්‍රිතාන්‍ය නළු ජෝ ඇල්වින්, එමලි බ්ලන්ට් සහ ඇගේ සැමියා ජෝන් ක්‍රසින්ස්කි, මෙන්ම බ්‍රැඩ් පිට් සමඟ රඟපෑ ඩැම්සන් ඉඩ්‍රිස් ද රතු පලස වර්ණවත් කළහ.
'Marty Supreme' වෙනුවෙන් හොඳම නළුවා ලෙස නිර්දේශ වූ තිමොති චැලමෙට් හට ප්‍රබල තරඟයක් දෙමින් ලියනාඩෝ ඩිකැප්‍රියෝ ද 'One Battle After Another' චිත්‍රපටය වෙනුවෙන් නිර්දේශ වී සිටියේය. 'The Girlfriend' කතා මාලාව වෙනුවෙන් රොබින් රයිට් නිර්දේශ වී සිටි අතර, නික් ජොනාස් සහ ප්‍රියංකා චොප්රා යුවළ ද තරු පිරි රතු පලසට එක්ව සිටියහ. ජේකබ් එලෝඩි මෙවර 'Frankenstein' සහ 'The Narrow Road to the Deep North' යන නිර්මාණ ද්විත්වයම වෙනුවෙන් නිර්දේශ ලබා සිටීම කැපී පෙනුණි. 'Sinners' චිත්‍රපටයේ රඟන බ්‍රිතාන්‍ය නිළි වුන්මි මොසාකු, ඇගේ සහය නිළි හයිලි ස්ටේන්ෆෙල්ඩ් සහ මයිල්ස් කැටන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
මල් මෝස්තර සහිත ඇඳුමකින් සැරසී පැමිණි ජෙනිෆර් ලෝපෙස්, සම්මානයක් පිරිනැමීමට නියමිතව සිටි 'Heated Rivalry' හි හඩ්සන් විලියම්ස් සහ 'All Her Fault' හි රඟන ඩියුක් මැක්ලවුඩ් ද රතු පලසට එක්ව සිටියහ. මාර්ක් රෆලෝ සිය බිරිඳ සන්රයිස් කොයිග්නි සමඟ පැමිණි අතර, නිර්දේශ තුනක් ලද 'Bugonia' චිත්‍රපටයේ ඇලිෂියා සිල්වර්ස්ටෝන් සහ වර්ණවත් ටක්සිඩෝ ඇඳුමකින් සැරසුණු රැප් ගායක ස්නූප් ඩෝග් ද උත්සවයට සහභාගී වූ තවත් ප්‍රමුඛ තරු අතර විය. 'Abbott Elementary' හි රඟන ෂෙරිල් ලී රැල්ෆ් ද මෙම විචිත්‍රවත් සැඳෑවේ අසිරිය විඳ ගැනීමට පැමිණ සිටියාය.

