the-lesson-taught-to-the-country-by-the-young-man-who-died-while-riding-a-bike-race

තරගකාරී ලෙස අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කළ තරුණයින් දෙදෙනෙකු හොරණ ඉලිඹ හන්දිය අසලදී මෝටර් රථයක ගැටීමෙන් සිදුවූ බිහිසුණු අනතුරකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි.




මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස දිවි අහිමි වී ඇත්තේ හොරණ, ගුරුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි දාහත් හැවිරිදි සසිඳු දෙව්මිත් ප්‍රසන්න හෙවත් 'ශෂී' නමැති තරුණයා බව පොලිසිය තහවුරු කරයි.

ඉංගිරිය දෙස සිට හොරණ දෙසට අධික වේගයෙන් යතුරුපැදි දෙක ධාවනය වෙමින් තිබියදී, හොරණ දෙස සිට ඉංගිරිය දෙසට ධාවනය වූ මෝටර් රථයක් අතුරු මාර්ගයකට හැරවීමට උත්සාහ කර ඇති අතර එහිදී පාලනය කරගත නොහැකි වූ යතුරුපැදි එම රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.




අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදි පැදවූ තරුණයින් දෙදෙනාම මුලින් හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී අසාධ්‍ය තත්ත්වයේ සිටි දාහත් හැවිරිදි තරුණයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවූවත් එහිදී ඔහු මියගොස් තිබේ.

අනතුරට ලක්වූ විසි එක් හැවිරිදි අනෙක් තරුණයා ද මේ වන විට බරපතළ තත්ත්වයෙන් හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.



ගැටීමත් සමඟ යතුරුපැදි දෙකට සහ මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන හොරණ පොලිසිය විසින් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ඛේදජනක සිදුවීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ සංවේදී සටහන් හුවමාරු වෙමින් පවතින අතර, ක්ෂණික වේගය නිසා ජීවිත අවදානමේ හෙළීම, අනතුරක් වූ විට වටේ සිටින මිතුරන් පවා මඟ හැර යාම සහ අවසානයේ මියගිය අයගේ දෙමාපියන්ට උරුම වන සදාකාලික ශෝකය පිළිබඳව එහිදී තරුණ පරපුරට දැඩි ආදර්ශයක් ලබා දී ඇත.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හොරණ පොලිසිය විසින් ක්‍රියාත්මක කරයි.

the-lesson-taught-to-the-country-by-the-young-man-who-died-while-riding-a-bike-race

gossiplanka image