the-large-blue-rock-that-emerged-from-the-landslide-in-kandy-is-being-tested-to-see-if-it-is-a-gem

මහනුවර, ගලහ, ගල්ලන්තැන්න ප්‍රදේශයේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල ආසන්නයේ නායගිය ස්ථානයකින් විශාල නිල් පැහැති පාෂාණයක් මතුව තිබේ. මෙය මැණික් ගලක් බවට සැකයක් මතුවීමත් සමඟ එම ස්ථානයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදීමට පියවර ගෙන ඇති බව ගලහ පොලීසිය සඳහන් කරයි.




දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ නායයාමක් හේතුවෙන්, මෙම පාෂාණය උඩ කොටසේ සිට පහළ කොටස දක්වා තල්ලු වී පැමිණ ඇති බවට සැක පළ කෙරේ.




ටොන් එකක පමණ බරකින් යුක්ත මෙම පාෂාණය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (19) පස්වරුවේ පරීක්ෂාවට ලක් කර ඇත.

එම ස්ථානයේ යම් එළියක් විහිදෙන බවට පැතිර ගිය ප්‍රචාරයක් හේතුවෙන් විශාල ජන පිරිසක් එය නැරඹීම සඳහා පැමිණීමත් සමග, ගලහ පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් අදාළ ස්ථානයට පොලිස් ආරක්ෂාව යෙදීමට පියවර ගෙන තිබේ.



මෙය පොකුරක් ආකාරයට පිහිටා ඇති විශේෂ ගල් වර්ගයක් විය හැකි බවත්, එය ස්ථිර වශයෙන්ම මැණික් ගලක් දැයි මේ මොහොතේ තහවුරු කළ නොහැකි බවත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීහු ප්‍රකාශ කළහ.

දින කිහිපයක් ඇතුළත මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් විසින් එම ස්ථානය නැවත පරීක්ෂා කිරීමට නියමිත අතර, මෙම පාෂාණය සම්බන්ධයෙන් ස්ථිර නිගමනයකට එළඹෙන තෙක් විශේෂ පොලිස් ආරක්ෂාව අඛණ්ඩව ක්‍රියාත්මක වන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

the-large-blue-rock-that-emerged-from-the-landslide-in-kandy-is-being-tested-to-see-if-it-is-a-gem

the-large-blue-rock-that-emerged-from-the-landslide-in-kandy-is-being-tested-to-see-if-it-is-a-gem