prime-minister-harini-to-switzerland

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, ස්විට්සර්ලන්තයේ ඩාවෝස්-ක්ලෝස්ටර්ස් හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ (WEF) වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා අද (19) දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.




අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ, මෙම සමුළුව අද (19) සිට ලබන 23 වැනිදා දක්වා ස්විට්සර්ලන්තයේ ඩාවෝස්-ක්ලෝස්ටර්ස් හිදී පැවැත්වෙන බවයි.

'A Spirit of Dialogue' (සංවාදයේ ආත්මයක්) තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුව සඳහා, රාජ්‍ය නායකයින්, ප්‍රමුඛ බහුජාතික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ තාක්ෂණ නවෝත්පාදකයින් ඇතුළු ගෝලීය නායකයින් 3,000 කට අධික පිරිසක් සහභාගී වීමට අපේක්ෂා කෙරේ.




සිය සංචාරය අතරතුර, අග්‍රාමාත්‍යවරිය විසින් ජාත්‍යන්තර නායකයින්, ගෝලීය ආයතන ප්‍රධානීන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සමඟ ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

gossiplanka image