president-pays-homage-to-the-tooth-relic-in-the-new-year

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ මහනුවරට පැමිණියේය. ඒ, ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගැනීම අරමුණු කරගෙනය.




දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව, ජනාධිපතිවරයා මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්හි මහා නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත් බව නෙත් නිවුස් වාර්තාකරුවෙක් සඳහන් කළේය.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවෙන් පිටව යමින් සිටියදී, දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට පැමිණ සිටි බැතිමතුන් සමඟ ද ජනාධිපතිවරයා කෙටි පිළිසඳරක් පැවැත්වූ බව වාර්තා වේ.

news-2026-01-01-084411

news-2026-01-01-084411



news-2026-01-01-084411

news-2026-01-01-084411