මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ ක්‍රියාකාරී දායකත්වයක් ලබා දෙන ප්‍රමුඛ පෙළේ දේශපාලන පක්ෂයක් වන අපේ ජනබල පක්ෂය විසින් දිවයින පුරා ආසන සංවිධායකවරුන් පත් කර ගැනීම සඳහා කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව දිවයිනේ සියලුම මැතිවරණ කොට්ඨාස ආවරණය වන පරිදි නව ආසන සංවිධායකවරුන් බඳවා ගැනීමට නියමිත අතර, මේ සඳහා සුදුසුකම් සපිරූ පුද්ගලයින්ගෙන් අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කර ඇත.
දේශපාලනය පිළිබඳව මනා උනන්දුවක් සහ කැපවීමක් ඇති, වයස අවුරුදු 18 සම්පූර්ණ කළ ඕනෑම අයෙකුට මෙම තනතුරු සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව හිමි වේ.රටත්, සම්බුද්ධ ශාසනයත්, ශ්‍රී ලාංකික ජාතියත් යළි නගා සිටුවමින් හෙළ සංස්කෘතිය හා සදාචාරය දිවිහිමියෙන් සුරැකීමේ අරමුණ පෙරදැරිව මෙම නව බඳවා ගැනීම් සිදු කරනු ලබයි. අධ්‍යාත්මික ගුණ වගාවෙන් පිරිපුන් ඉසුරුමත් දේශයක් ගොඩනැගීමේ තම ජාතික මෙහෙවරට දායක වීමට කැමති පිරිස් වෙත පක්ෂ මහලේකම්වරයා විසින් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටියි.
මේ සඳහා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන් 2026 ජනවාරි මස 30 වැනි දිනට ප්‍රථම තම අයදුම්පත් යොමු කළ යුතු අතර, ajpleader@gmail.com යන විද්‍යුත් ලිපිනය ඔස්සේ හෝ 0778082527 WatsApp අංකය ඔස්සේ ඒ සඳහා පහසුකම් සලසා තිබේ.
පක්ෂ ලේකම්වරයා නිකුත් කළ නිවේදනය පහතින්
