the-verdict-in-the-amarakeerthi-athukorala-murder-case-which-was-scheduled-to-be-delivered-today-14-has-been-postponed-by-a-month

ගම්පහ මහාධිකරණයේදී අද (ජනවාරි 14) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව පෙබරවාරි 11 වනදා දක්වා කල් තැබීමට ගම්පහ මහාධිකරණය නියෝග කර තිබේ.




විත්තිකරුවන් 41 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති මෙම නඩුව, මහාධිකරණ විනිසුරුවරුන් වන සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ දීර්ඝ කාලයක් පුරා විභාග විය.

මෙම සිද්ධිය වාර්තා වන්නේ 2022 වසරේ මැයි මස 09 වනදා, ගාලුමුවදොර සාමකාමී අරගලය පැවති දිනයේ හෝ ඊට ආසන්න දිනයකදීය. පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේතු මන්ත්‍රීවරයෙකුව සිටි අමරකීර්ති අතුකෝරළ මහතාට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරී ජයන්ත ගුණවර්ධන මහතාට නිට්ටඹුව නගරයේදී පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙලෙස නඩු පවරා තිබුණි.