ශ්‍රී ලංකාවට මෑතකදී ආනයනය කරන ලද රෝල්ස් රොයිස් මාදිලියේ මෝටර් රථයක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 70ක දැවැන්ත දඩ මුදලක් පැනවීම පිළිබඳ සිද්ධිය මාධ්‍ය වෙත වාර්තා කිරීම ගැන ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමු වී තිබේ.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා සඳහන් කර ඇත්තේ, රේගු නීති උල්ලංඝනය කිරීම් හා සම්බන්ධ තොරතුරු බාහිර පාර්ශව වෙත ලබා දීමේ නීතිමය හැකියාව පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇති බවයි. නීතිපති දෙපාර්තමේන්තුවෙන් අදාළ නීති උපදෙස් ලැබෙන තුරු මෙම දඩ පැනවීම් සහ විමර්ශන සම්බන්ධ නිල තොරතුරු මාධ්‍ය වෙත ලබා දිය නොහැකි බව රේගු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.
රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා කර ඇති පරිදි, ආනයනය කරන ලද අදාළ රෝල්ස් රොයිස් මෝටර් රථයේ සැබෑ තොරතුරු නිවැරදිව ප්‍රකාශ නොකිරීම හේතුවෙන් මෙම දඩ මුදල නියම වී ඇත. මෝටර් රථය ආනයනය කිරීමේදී එය සාමාන්‍ය රෝල්ස් රොයිස් ෆැන්ටම් මාදිලියක් ලෙසත්, එහි වටිනාකම බදු සහිතව බ්‍රිතාන්‍ය පවුම් 417,000ක් ලෙසත් ප්‍රකාශ කර තිබුණ ද, රේගු පරීක්ෂාවේදී අනාවරණය වී ඇත්තේ එය ඊට වඩා වටිනාකමින් හා ප්‍රමාණයෙන් වැඩි මෝටර් රථයක් බවයි.
මෙරටට ගෙන්වා ඇති මෙම මෝටර් රථය Rolls Royce Phantom Auto EWB (Extended Wheelbase) හෙවත් දිගු රෝද පරතරයක් සහිත විශේෂ මාදිලියක් බවත්, එහි සැබෑ වටිනාකම බදු සහිතව බ්‍රිතාන්‍ය පවුම් 479,000ක් පමණ වන බවත් රේගු නිලධාරීන් තහවුරු කරගෙන තිබේ. මෙම වටිනාකම හා මාදිලිය වෙනස් වීම හේතුවෙන් රුපියල් මිලියන 70ක දඩයක් නියම වී ඇති අතර, එය ඇතුළුව සම්පූර්ණ මුදල ලෙස රුපියල් මිලියන 370ක් රේගුව වෙත ගෙවීමට ආනයනකරුට සිදුව ඇති බව වාර්තා වේ.
ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා මෙම මෝටර් රථය මිල දී ගැනීම හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇති වූ අතර, රේගු දඩය සම්බන්ධයෙන් ද ඔහු පැහැදිලි කිරීමක් සිදු කර ඇත. තමන් මෙම වාහනය ඍජුව ආනයනය නොකළ බවත්, ආනයනකරු විසින් රේගුවෙන් නිදහස් කරගත් වාහනයක් තමන් මිල දී ගත් බවත් ඔහු පවසා සිටියි. වාහනයේ මාදිලිය නිවැරදිව සඳහන් නොකිරීමේ වරදට අදාළ දඩ මුදල ආනයනකරු විසින් ගෙවා දැමූ බවත්, ඉන්පසු තමන් අදාළ ගෙවීම් සිදු කර වාහනය භාර ගත් බවත් ඩඩ්ලි සිරිසේන මහතා සිය ෆේස්බුක් ගිණුම හරහා තහවුරු කර තිබේ.
රේගු බදු සහ වාහනයේ වටිනාකම පිළිබඳව පවතින කතාබහට ප්‍රතිචාර දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ නිවැරදි තොරතුරු නොදැන වැරදි පුවත් සමාජගත වීම වැළැක්වීම සඳහා මෙම සටහන තැබූ බවයි.
මීට මාස කිහිපයකට පෙර ඩඩ්ලි සිරිසේන මහතා රෝල්ස් රොයිස් Phantom 8 වර්ගයේ රථයක් ගෙන්වීමට මූලික කටයුතු කර තිබූ අතර, එය ගුවන් මගින් භාණ්ඩ ප්‍රවාහනය (Airfreight) යටතේ දිවයිනට ගෙන්වා දින කිහිපයකට පසු හරස් දේශසීමා (cross bordering) රෙගුලාසි සම්බන්ධයෙන් මතු වූ ගැටලුවක් හේතුවෙන් රථය නිදහස් කර ගැනීමේ නීතිමය බාධා මතු වී ඇත. 2013 වසරේ පැවති රෙගුලාසියක් රේගුව විසින් නැවත බලාත්මක කිරීම හේතුවෙන්, අදාළ මෝටර් රථය නිදහස් කරගැනීම සඳහා අධික අමතර මුදලක් වැය කිරීමට සිදුවන බැවින් ප්‍රතිඅපනයන ගාස්තු ගෙවා එම රථය නැවත ආපසු හරවා යැවීමට ඔහු කටයුතු කර තිබේ.
පසුව රෝල්ස් රොයිස් සමාගමේ සියවන සංවත්සරය වෙනුවෙන් නිකුත් කරන ලද තාක්ෂණයෙන් වැඩිදියුණු කරන ලද (Upgrade) Phantom series 8 EWB (Extended Wheelbase) විශේෂ මාදිලියේ රථයක් ගෙන්වීමට ඔහු තීරණය කර ඇති අතර, මෙවර එම කටයුත්ත දිවයිනේ ප්‍රසිද්ධ වාහන ආනයන අතරමැදි සමාගමක් වෙත භාර දී ඇත. අදාළ සමාගම වෙත වාහනය සඳහා වන සම්පූර්ණ මුදල් ගෙවීමෙන් පසුව එම ආයතනය විසින් වාහනය ආනයනය කර, බදු ඇතුළු සියලු රේගු ගාස්තු ගෙවා රථය නිදහස් කරගෙන තමන් වෙත භාර දුන් බවත්, ඉන්පසු පසුදිනම තමන් විදෙස්ගත වූ බවත් ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.
කෙසේ වෙතත්, වාහනය භාරගෙන විදෙස්ගත වූ පසු අදාළ ආනයනකරු විසින් රථයේ මාදිලිය නිවැරදිව ප්‍රකාශ නොකිරීම හේතුවෙන් රේගුව විසින් රුපියල් කෝටි 07ක දඩ මුදලක් අය කර ඇති බව තමන්ට දැනගන්නට ලැබුණු බව ඔහු පවසයි. ආනයනකරු විසින් ‘Phantom LWB’ ලෙස සඳහන් නොකිරීම මෙම දඩයට හේතු වී ඇති අතර, තමන් අතරමැදි ආයතනයක් හරහා සම්පූර්ණ මුදල් ගෙවා වාහනය මිලදී ගත් බැවින් එම ක්‍රියාවලිය තුළ ආනයනකරු සිදුකළ අතපසු වීම් හෝ ලාභ ලැබීමේ අරමුණින් කළ ක්‍රියා තමන්ට අදාළ නොවන බව හෙතෙම අවධාරණය කරයි.
සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන වාහනයේ වටිනාකම පිළිබඳ තොරතුරු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටින්නේ, අන්තර්ජාලයේ බොහෝ දෙනා සොයා බලා ඇති ඩොලර් මිලියන 3ක් වටිනා Phantom-8 centenary රථය සහ තමන් ගෙන්වූ රථය යනු මාදිලි දෙකක් බවයි. ව්‍යාපාරිකයෙකු ලෙස ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ අසීරුතාව සහ මුදලේ වටිනාකම හොඳින් දන්නා තමන්, මෝටර් රථයක් වෙනුවෙන් රුපියල් බිලියන ගණනක් වැය කිරීමට තරම් අනුවණ නොවන බවත්, අන්තර්ජාලය හරහා තොරතුරු සොයා බැලූ බොහෝ පිරිස් මෙම රෝල්ස් රොයිස් සංවත්සර මාදිලි දෙක පටලවාගෙන ඇති බවත් ඩඩ්ලි සිරිසේන මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
ඔහුගේ ෆේස් බුක් සටහන පහතින්
මේ දවස් වල මම ගෙන්වපු රෝල්ස් රොයිස් Phantom 8 රථය සම්බන්ධයෙන් හා ශ්‍රී ලංකා රේගුව සම්බන්ධයෙන් කියවෙන කතා බොහෝ තැන්වල සංසරණයවන නිසා, ඒ ගැන මගේ ප්‍රතිචාරය ඔයාලට එක්ක බෙදා ගන්න මට ඕන වුණා. ( මොකද කිසි දෙයක් හරියාකාරව නොදන්නා පරිසරයක වැරදි පුවත් සමාජගතවන එක ඉක්මණටම සිදු වෙනබව අපි හැමෝම දන්න නිසා )
කතාව මේකයි. මීට මාස කිහිපයකට කළින් මම Rolls-Royce මාදිලියට අයත් Phantom 8 කියන සුඛෝපභෝගී වාහනය ලංකාවට ආනයනය කරන්න සියලු දේවල් සූදානම් කළා. ඉතින් ඒකට අවශය බැංකු ණයවර, එහෙමත් නැත්නම් LC ආදිය විවෘත කරලා අදාළ මෝටර් රථයත් ලංකාවට ගෙනාවා.
මේ මෝටර් රථය Airfreight කරල ලංකාවට ඇවිත් ටික දිනක් ගතවූණාට පස්සෙයි අපි දැනගත්තෙ cross boardering වලට අදාළ රටේ නීති රෙගුලාසි 2013 වගේ පසු නැවතත් රේගුව විසින් පණගන්වලා කියලා. එතකල් වාහන දහස් ගණනක් ලංකාවට ආනයනය කළේ සාමාන්‍යයෙන් මේ ක්‍රමය හරහා තමයි.( cross bordering කියන්නෙ වාහනයක් නිෂ්පාදිත රටෙන්ම එයට අදාළ LC විවෘත වෙන්න ඕන. මෙහි නිෂ්පාදිත රට වුණේ එක්සත් රාජධානිය ).
ඉතින් ඒ සිදුවීම නිසාම මේ මෝටර් රථය නිදහස් කරගන්න විශාල මුදලක් අපිට අතිරේකව ගෙවන්න වෙන නිසා මම කළේ අදාල ප්‍රතිඅපනයන ගාස්තු ගෙවලා ඒක ඒ ආයතනයටම නැවතත් යවපු එක. ඉතින් ඒ සිදුවීමෙදි මම සහ ඒ ආයතනය අතර ඇතිකගත්ත එකඟතාවයකදි නැවතත් ඉදිරියේදී එම රථයක් ලංකාවට ගෙන එන්න ගිවිසගත්තා.
ඔය අතරෙදි තමයි මට ආරංචි වුණේ Rolls Royce සමාගමේ 100 වෙනි සංවත්සරය වෙනුවෙන් විශේෂ මාදිලිවල සීමාසහිත නිෂ්පාදනයන් ( Limited Edition ) පෙළක් ඒ අය හඳුන්වා දෙන්න යනව කියලා. ඉතින් ඒ අනුවයි මම පසුගිය දිනෙක ලංකාවට ගෙන්වපු Rolls Royce Phantom series 8, EWB කියන මෝටර් රථය ලංකාවට ගෙන්වන්නෙ. මොකද ඒක කළින් ගෙන්වපු රථයට වඩා තාක්ෂණය වැඩිදියුණු කළ ( Upgrade ) එකක්.
ඉතින් මිත්‍රවරුනි, මෙවර මම වාහනය ආනයනය කරන්න බාරදුන්නෙ දිවයිනේ ප්‍රකට අතරමැදි වාහන ගෙන්වීමේ සමාගමකට. ඉතින් ඒ අය ක්ශේත්‍රයේ පළපුරුදු ප්‍රවීණයො නිසාම මට තිබුණෙ ඒ අයට ගෙවන්න තියන සම්පූර්ණ මුදල ගෙවලා පාඩුවෙ පැත්තකට වෙලා බලාගෙන ඉන්න එක.
ඉතින් හිතුවත් වගේම මීට ටික දවස් කිහිපයකට කළින් එම ආයතනය විසින් මගේ වාහනය ලංකාවට ආනයනය කළා. ඊට පස්සෙ ඒ වාහනයට අදාළ බදු ඇතුලු සියලුම රේගු ගාස්තු ගෙවලා වාහනය නිදහස් කරගත්ත එම ආයතනයේ අය එය ගෙනැවිත් මට බාරදුන්නා. ඉතින් මගේ පාර්ශවයෙන් මෙයට අදාළ ගණුදෙණුව සම්පූර්ණ වුණ නිසාම, මම වාහනය බාරගෙන පහුවෙනිදම රාජකාරී සංචාරයක් වෙනුවෙන් විදෙස්ගත වුණා.
ඉතින් ඔහොම ටික දවසක් යද්දි තමයි මට ආරංචි වෙන්නෙ මගේ වාහනයට අදාළ රේගු ගාස්තු නිසියාකාරව නොගෙවපු නිසා අදාල ආනයනකරුගෙන් කෝටි 07 ක දඩ මුදලක් (penalty එකක්) රේගුව විසින් අයකරගෙන කියලා.
ඔයාල හැමෝම දන්නවනෙ අපි වාහනයක් ආනයනය කරද්දි ඒක යම් කිසි තැරැව්කාර ආයතනයක් හරහා සිදුකළොත් වාහනය අපේ අතට ගන්නකල් සිදු වෙන ක්‍රියාවලියට අපි මැදිහත් වෙන්නෙ නෑ කියලා. ඉතින් මෙතනත් වුණේ ඒ වගේ දෙයක්. මම මගේ ආනයනකරුට ගෙවන්න ඕන සම්පූර්ණ මුදලම ගෙවලා මගේ වාහනය ලබාගත්තා මිසෙක, එතතින් එහාට ඔහු කළ දේවල් මට අදාළ කරගත්තෙ නෑ.
ඒත් අවසානෙදි වෙලා තිබුණෙ මගේ වාහන ආනයනකරු විසින් මේ වාහනය ආනයනය කරද්දි මෙහි මාදිලිය ලෙස ' Phantom LWB' ලෙස සඳහන් නොකිරීම නිසා දඩයකට ලක් වීම. මෙම සිදුවිමෙදි මගේ ආනයනකරු අතින් එය අතපසුවීමකින් වුණාද එහෙමත් නැත්නම් අමතර ලාභයක් ලබා ගැනීමේ චේතනාවෙන් කළාද කියන එක මට අදාළ දෙයක් නොවන්නේ මා විසින් ආනයනය කල වාහනයක් මිලට ගැනීම පමණක් සිදුකළ නිසයි. මෙහිදී වාහනය ආනයනය කරන්න පෙර ඔහුට ඒ සඳහා වූ පොරොන්දු වූ සම්පූර්ණ මුදල ගෙවා වාහනය ලබාගැනීම පමණක් මා සිදුකළා.
මිත්‍රවරුනි, මේ සුඛෝපභෝගී මෝටර් රථය Rolls- Royce සමාගමේ 100 වෙනි සංවත්සරය වෙනුවෙන් නිකුත් කළ සුවිශේෂ මෝටර් රථයක් වීමත්, මෙය විශේෂ LWB කියන මාදිලියට අයත් එකක් වීමත් සමඟ අපේ අය කළේ මෙහි තොරතුරු ලබා ගන්න අන්තර්ජාලයේ පිහිට පැතීම.
ඉතින් Rolls - Royce Anniversary Model කිව්ව ගමන් ඉහළින්ම එන්නෙ මෙම මෝටර් රථයට සමගාමීව නිර්මාණය කළ ඩොලර් මිලියන 3 ක් වටිනා Phantom-8 centenary රථය. ඉතින් මගේ මෝටර් රථයත් සුවිශේෂී Anniversary Model එකක් නිසාම ගොඩක් අයට වුණේ ඒ වාහන මාදිලි දෙක පැටලීම.
ව්‍යාපාරිකයෙක් වශයෙන් කොච්චර මිල මුදල් තිබුණත්, මෝටර් රථයක් වැනි දෙයක් වෙනුවෙන් රුපියල් බිලියන ගණන් වියදම් කරන්න තරම් මම මෝඩ නැහැ කියල මාව ළඟින් අඳුරන ඔයාල හැමෝම දන්නවා. මොකද ව්‍යාපාරයක් ගොඩනඟන්න තියන අමාරුව වගේම අද කාළෙ ව්‍යාපාරයක් රැකගන්න තියන අමාරුවත් මම හොඳින්ම දන්නවා.
ඉතින් මේ වගේ දේවල් වලට උත්තර දෙන්න මම ලංකාවෙ ඉඳපු නැති නිසාම, ගොඩක් අයට හිතෙන හිතෙන දේවල් සමාජගත කරලා තියනවා දැක්ක නිසයි අටෝරාසියක් වැඩ නවත්වලා තකහනියක් මේ වචන ටික වුණත් ලිව්වෙ. ඉතින් මිත්‍රවරුනි, සරලවම Rolls Royce එකේ Custom Penalty කතාව ඕකයි..!
ප.ලි.
ගොඩාක් දෙනෙක් මේ සිදුවීමත් එක්ක ප්‍රසිද්ධියේ කතාබහට ලක්වුණු මගේ ගෙදර බලු සුතරලුන්ගෙ ෆොටෝස් publish කරන්න කියලා inbox එකෙන් ඉල්ලනවා. ඒ නිසාම ඒ අය වෙනුවෙන් මගේ රෝසිගෙ, බ්‍රවුනිගෙ වගේම බංචිගෙත් ෆොටෝස් ටිකක් මේ සමඟ පළකරනවා.

