namal-and-others-join-indian-republic-day-celebrations-video
ඉන්දීය ජනරජ දිනය සැමරීමේ තාක්ෂණික ආයතනයක  උත්සවයකට සහභාගී වීම සඳහා ඉන්දියාවේ ඔඩීසා ප්‍රාන්තය වෙත ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිසට එහිදී ඉහළ විශේස පිළිගැනීමක් හිමිව තිබේ. මෙම සංචාරය පිළිබඳව සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ ඉන්දීය ජනරජ දිනය වෙනුවෙන් තමන් සුබ පැතුම් එක් කරන අතර ඉන්දියානු සාගර කලාපය තුළ ශ්‍රී ලංකාවට මෙන්ම අනෙකුත් අසල්වැසි රටවලට ද සුවිශාල වගකීම් සමුදායක් පැවරී ඇති බව තමන් විශ්වාස කරන බවයි.




ජනරජයක් යනු හුදෙක් උරුමයෙන් පැවත එන්නක් නොව එය අනාගතය වෙනුවෙන් වගකීමෙන් පවත්වාගත යුතු වටිනා සංකල්පයක් බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, මෙවර ඉන්දියානු ජනරජ දිනය සැමරෙන මොහොතේ සමස්ත ඉන්දියානු සාගර කලාපයේම තරුණ පරම්පරාවෙන් විශේෂ ඉල්ලීමක් ද සිදු කර ඇත. එහිදී ඔහු අවධාරණය කරන්නේ අනාගතය වඩාත් යහපත් ලෙස හැඩගැස්වීම සඳහා තරුණ තරුණියන්ට හිමිව ඇති අවස්ථාවන්, මානුෂීය වටිනාකම් සහ පොදු අභිවෘද්ධිය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි.

මෙම නිල සංචාරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චිත්‍රාල් ප්‍රනාන්දු, චමින්ද්‍රාණි කිරිඇල්ල, චතුර ගලප්පත්ති සහ ප්‍රසාද් සිරිවර්ධන යන මහත්ම මහත්මීන් ද, 



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉන්දික අනුරුද්ධ, සංජීව එදිරිමාන්න සහ සම්පත් අතුකෝරාල යන මහත්වරුන් ද එක්ව සිටිති. මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ මහතා ද මෙම දූත පිරිසට ඇතුළත් වන අතර, 
මෙම සංචාරය අතරතුර ලොව විශිෂ්ටතම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන ඔඩීසා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමට ද ඔවුහු සැලසුම් කර ඇත. එමෙන්ම අශෝක අධිරාජ්‍යයාගේ යුගයට අයත් ඓතිහාසික බෞද්ධ පුරාවස්තු හා සිහිවටන නැරඹීම සඳහා ද නාමල් රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස මෙම සංචාරයේදී විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතව තිබේ.
gossiplanka image