if-i-have-violated-the-law-go-to-court---says-the-attorney-general

මම වරදක් කර ඇත්නම් ඕනෑම අයකුට අධිකරණය හමුවට යා හැකි බව නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා කොළඹදී ඊයේ (21) පැවසීය.තමන් නීතිය අබිබවා ගිය අයකු නොවන බවත් අධිකරණය හරහා එන ඕනෑම තීරණයකට එකඟවීමට සූදානම් බවත් නීතිපතිවරයා ප්‍රකාශ කළේය. නීතිඥවරුන් පිරිසක් හමුවේ නීතිපතිවරයා මේ බව පැවසීය.




“මමත් නීතිය අබිබවා ගිය අයකු නොවන බව නීතිය දන්නා පුද්ගලයන් විදියට ඔබලා දන්නවා. මම වරදක් කර තිබෙනවා නම් අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය තිබෙනවා. කරුණාකර ඒ තැන්වලට ගිහින් මගේ තීරණ අභියෝගයට ලක්කරන්න. අධිකරණය හරහා එන තීරණයකට එකග වන්න මම සූදානම්” යැයිද ඔහු කීය.මේ අතර නීතිපති පාරින්ද රණසිංහ මහතාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් පිරිසක් කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසල නිහඬ විරෝධතාවක නිරත වූහ.

සිවිල් සංවිධාන ක්‍රියාකාරික පිරිසක් විසින් මෙම විරෝධතාව සංවිධානය කරනු ලැබීය.එහිදී ඔවුහු විරෝධතා පුවරු සහ බැනර් ප්‍රදර්ශනය කරමින් නිහඬව සිය විරෝධතාව පළ කළහ.ඊට එරෙහිව නීතිපතිවරයාට සහයෝගය පළ කරමින් නීතිඥවරු පිරිසක් අධිකරණ පරිශ්‍රය අසල කටයුතු කළහ.නීතිපතිවරයාගේ ස්වාධීනත්වය ආරක්ෂා කරනු අධිකරණ ක්‍රියාවලියට එල්ල වන බලපෑම් හෙළාදකිනු මැයෙන් ඔවුහු නීතිපති දෙපාර්තමේන්තුව වෙත සන්දේශයක්ද බාරදුන්හ.

if-i-have-violated-the-law-go-to-court---says-the-attorney-general