කොටවිල පොලිස් වසමට අයත් මිරිස්ස වෙරළ තීරයේ දිය නාමින් සිටි විදේශීය ජාතිකයෙකු දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටියදී කොටවිල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් බේරාගෙන තිබේ. මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ ජනවාරි මස 11 වන දින දහවල් කාලයේදීය.
අදාළ විදේශිකයා මුහුදේ දිය නාමින් සිටින අතරතුර දිය වැලකට හසුවීම හේතුවෙන් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, එම අවස්ථාවේ වෙරළ තීරයේ ජීවිතාරක්ෂක රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ඇත. එහිදී කොටවිල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස්, පොලිස් සැරයන් (59416) අජන්ත, පොලිස් කොස්තාපල් (96986) දිසානායක සහ පොලිස් කොස්තාපල් (105268) කහවත්ත යන නිලධාරීන් එක්ව විදේශිකයා නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙනවිත් තිබේ.
මෙලෙස පොලිස් නිලධාරීන් විසින් දිවි බේරාගෙන ඇත්තේ වයස අවුරුදු 65 ක් වන එංගලන්ත ජාතිකයෙකි.