emergency-water-supply-disruption-in-several-areas-including-dehiwala-wellawatte-and-kolonnawa

අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිඳවැටීමක් වාර්තා වීම හේතුවෙන්, අද (3) දිනයට අදාළව කොළඹ අවට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවනු ඇත.




මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන ප්‍රදේශ අතරට මොරටුව, රාවතාවත්ත, සොයිසා පුර, රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව සහ කොළොන්නාව අයත් වේ.

තවද, බත්තරමුල්ල ප්‍රදේශයට ජලය සැපයෙන්නේ අඩු පීඩන තත්ත්වයක් යටතේ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.




කෙසේවෙතත්, මෙම හදිසි බිඳවැටීම අද (3) මධ්‍යම රාත්‍රියට පෙර අලුත්වැඩියා කර, ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.