සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපැයුම් අංශය වෙත ඉන්දියාවේ මෑන් ෆාර්මසිටිකල් සමාගම (MAAN PHARMACEOTICAL LTD) විසින් සපයන ලද ඔන්ඩෙම්ස්ට්‍රෝන් එන්නත් (ONDANSETRON INJECTION) භාවිත කිරීමෙන් හා ඉන්දියාවේ ඉස්කෝර් බයෝලොජික්ස් පුද්ගලික සමාගම (ICHOR BIALOGICS PVT-LTD) විසින් සපයන ලද හියුමන් ඉමියුනොග්ලෝබියුලින්, (HUMAN IMMUNOGLOBULIN) එන්නත් භාවිතයෙන් සිදුවූ මරණ පහ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කර වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස
ඉල්ලා හේවගේ සුදත් ජානක ප්‍රනාන්දු නමැත්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා වෙත ලිඛිතව පැමිණිලි කර ඇත. රජයේ රෝහල්වල දී පෙර කී එන්නත් භාවිතයෙන් සිදුවූ එකී මරණවලට අමතරව තවත් විශාල පිරිසක් විවිධ ආසාත්මිකතාවලට ගොදුරුවී ඇති බවත් සිය පැමිණිලි මඟින් කියා තිබූ හෙතෙම එකී ඖෂධ නිසි ප්‍රමිතියෙන් යුක්ත බව පවසමින් ඒවා ආනයනය කිරීමට ආධාර උපකාර කළ අනුබල දුන් සෙඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට එරෙහිව නිසි පියවර ගන්නා ලෙසට ද වැඩිදුරටත් ඉල්ලා තිබේ. ඉන්දියානු සමාගමක් විසින් නිෂ්පාදනය කර මෙරට සමාගමක් විසින් ආනයනය කළ වෛද්‍ය සැපැයුම් අංශයට සපයා තිබූ
ඔන්ඩෙස්ට්‍රෝන් එන්නත් විෂවීම නිසා කොළඹ අයි.ඩී.එච්. රෝහලේ දී රෝගීන් දෙදෙනකු මියගොස් තවත් රෝගීන් පිරිසකට විවිධ සංකූලතා ඇතිවූ බව පැහැදිලි වන බවත් එකී එන්නත් භාවිතය අත්හිටුවා තිබිය දී එලෙස භාවිත කර ඇති බවත් හෙතෙම එමගින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට කියා තිබේ.
එකී මරණ සිදුවීමෙන් හා සාංකූලතා වාර්තා වීමෙන් පසුව නැවත භාවිතයෙන් ඉවත් කළ ඔන්ඩෙස්ට්‍රෝන් එන්නත සම්බන්ධයෙන් ඉන්දියානු සමාගමක් ඉදිර්පත් කළ වාර්තාවක් පදනම් කරගෙන ඒවා නැවත භාවිත කිරීමේ සූදානමක් පවතින බවද සුදත් ජානක ප්‍රනාන්දු මහතා එකී පැමිණීලි මගින් ඉල්ලා තිබේ.
