england-cricket-team-is-coming-to-sri-lanka

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරග සංචාරයක් සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ (ජනවාරි 19) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය. ඔවුන් මෙම සංචාරය අතරතුරදී එක්දින ජාත්‍යන්තර තරග තුනකට සහ විස්සයි20 ජාත්‍යන්තර තරග තුනකට සහභාගී වීමට නියමිතය.

එක්දින තරගාවලිය ජනවාරි 22, 24 සහ 27 යන දිනවලදී කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, එම තරග දිවා-රාත්‍රී තරග ලෙස සංවිධානය කර ඇත.

මේ අතර, විස්සයි20 තරගාවලිය ජනවාරි 30, පෙබරවාරි 01 සහ 03 යන දිනවලදී පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී රාත්‍රී තරග ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබේ.

නිලධාරීන් සහ ක්‍රීඩකයින් 28 දෙනෙකුගෙන් සමන්විත එංගලන්ත කණ්ඩායම, ඊයේ පෙරවරුවේ 8.20 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ EK-650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළට ගොඩ බැස්සේය.

ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය එක්ව විශේෂ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණි.

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපළ පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ අමාත්‍ය ආරක්ෂක අංශ නිලධාරීන් එක්ව ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ දැඩි ආරක්ෂාවක් සපයා තිබුණි.