
කොළඹ 10 පිහිටි කීර්තිමත් බෞද්ධ පාසලක් වන නාලන්දා විද්‍යාලය ඉලක්ක කරගනිමින් පසුගිය දින කිහිපය පුරා සමාජ මාධ්‍ය හා දේශපාලන ක්ෂේත්රය තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් සංවාදයට බඳුන් වෙමින් පවතී. විද්‍යාලයේ 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා පත් කරන ලද ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ එම විද්‍යාලයේම ගුරුවරියන් සිව් දෙනෙකු අතර පැවති බව කියන අසම්මත සබඳතාවක් ගැන මෙම කතාවට අදාළ යයි කියන වීඩියෝ පට 4 ක්ද කාන්දුවී ඇති බව කියැවෙන අතර එක් ගුරුවරියකගේ සැමියා හෝ සිසුවාගේ මිතුරෙකු මෙම හෙළිදරව්ව කර ඇති බවද පැවසේ.
කෙසේ වෙතත් මෙම සිදුවීම ගැන පොලිසියෙන් විද්‍යාල මට්ටමින් හෝ ආදි ශිෂ්‍ය මට්ටමින් කිසිදු නිල තහවුරු කිරීමක් කර නැති අතර පැතිරෙන අපවාද ගැනද කිසිදු ප්‍රතිචාරයක් නිල වශයෙන් මේ දක්වා නිකුත් කර නැත.එසේ නොකිරීම ද සිද්ධිය ඇත්තක් විය හැකි බවට සැකය වැඩි කරයි.'ලීක් කරපු වීඩියෝ' සොයමින් සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනාත්මක කසුකුසුවක් සමග මෙම සිසුවාගේ යයි කියන ඡායාරූපයක් හා ගුරුවරියන්ගේ ඡායාරූපද හුවමාරුවෙමින් පවතී. මෙම සිදුවීම මෑතක එකක් නොවන බවත් 2025 වසරේ සිදුවූවක් බවත් පෙන්වා දෙන දේශපාලන විචාරකයෙකු පවසන්නේ අද (26) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මෙකී පාසලේ විශේෂ උත්සවයකට සහභාගී වීමට යන්නට පෙර හිතාමතා මඩගැසීමක් නිර්මාණය කර ඇති බවයි.
කෙසේ වෙතත් 'ගින්නක් නැතිව දුමක්' නොනගින බව පසක් කරමින් මෙම සිද්ධිදාමය ගැන සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස් පළවෙමින් පවතී.
සමහරු කියන්නේ මේ කාලයේ විකාශය වන ටෙලි නාට්‍ය කිහිපයකින්ම මේ ආකාර සිදුවීම් වලට උත්තේජන සපයා ඇති බවකි.
මෙය හුදෙක් පාසල් සිදුවීමකින් ඔබ්බට ගිය සමාජ, දේශපාලනික සහ සංස්කෘතික කාරණා රැසක් ඉස්මතු කිරීමට සමත් වී තිබේ. වයස අවුරුදු 19 ක් වන මෙම සිසුවා විසින් අදාළ ගුරුවරියන් සමඟ සිදුකරන ලද වීඩියෝ ඇමතුම් සහ හුවමාරු කරගත් දර්ශන ඔහු විසින්ම පටිගත කරගෙන තිබී ඇති අතර, පසුව ඔහුගේම මිතුරෙකු මාර්ගයෙන් මෙම දර්ශන අන්තර්ජාලයට මුදා හැරීමත් සමඟ මෙම සිදුවීම ලැව් ගින්නක් සේ පැතිර ගියේය.
සමාජ මාධ්‍ය තුළ එක් මතයක් වන්නේ ලිංගික අධ්‍යාපනය වැනි විෂයයන් පාසල් පද්ධතියට හඳුන්වා දීමට එරෙහිව ගොඩනැගෙන මතවාද පෝෂණය කිරීම සඳහා මෙම සිදුවීම ආයුධයක් කරගෙන ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම සිදුවීම හුදෙක් දේශපාලනික කෝණයකින් පමණක් නොව සමාජ කෝණයකින් ද විග්රහ කර බලද්දී ප්‍රධාන පෙළේ පිරිමි පාසල්වල ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර ගුරුවරියන් පවා ආකර්ෂණය කරවන බලයක් ඇති මෙවලමක් බවට පත්කර ඇතැයි විග්රහ කර තිබේ. විශේෂයෙන්ම පිරිමි පාසල් තුළ පිරිමි ගුරුවරුන්ගේ හිඟය සහ කාන්තා ගුරුවරියන් බහුල වීම මෙම තත්ත්වය තවදුරටත් සංකීර්ණ කර ඇත. ක්‍රීඩා සහ බාහිර ක්‍රියාකාරකම්වලදී සිසුන් සමඟ දීර්ඝ වේලාවක් සමීපව කටයුතු කිරීමට සිදුවීම තුළ ගුරු-ගෝල සීමාවන් බොඳ වී යාමේ අවදානමක් පවතින බව ඇතැමුන් පෙන්වාදී ඇත.
තවද, මෙම සිදුවීම හරහා නූතන තාක්ෂණය සහ පෞද්ගලිකත්වය පිළිබඳ බරපතල ගැටළුවක් ද සමාජගත වී තිබේ. දෙදෙනෙකු අතර සිදුවන අතිශය පෞද්ගලික සංවාදයක් හෝ ක්‍රියාවලියක් පටිගත කිරීම සහ එය තුන්වන පාර්ශවයක් අතට පත්වීම තුළින් සිදුවන විනාශය සුළුපටු නොවේ. මෙහිදී අදාළ සිසුවා විසින් ගුරුවරියන්ගේ විශ්වාසය කඩ කරමින් එම දර්ශන පටිගත කිරීම සහ ඒවා ආරක්ෂා කර නොගැනීම සම්බන්ධයෙන් ඔහුට දැඩි සමාජ විරෝධයක් එල්ල වී තිබේ. තාක්ෂණය දරුවන්ට සමීප වීමත් සමඟ ඔවුන්ට ලැබෙන අසීමිත නිදහස සහ ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය පිළිබඳ නිසි පාලනයක් නොමැති වීම මෙවැනි ඛේදවාචකයන්ට ඍජුවම බලපා ඇත.
අනෙක් අතට, මෙම වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ගනිමින්, ඒවා රස විඳිමින්, අදාළ කාන්තාවන්ගේ රූපකාය සහ පෞද්ගලිකත්වය විවේචනය කිරීමට පෙළඹෙන සමාජයේ හැසිරීම ද දැඩි පිළිකුලට ලක්ව ඇති අතර, අනුන්ගේ විනාශයෙන් තෘප්තියක් ලැබීමේ මානසිකත්වයක් (Voyeurism) ලෙස එය හඳුන්වා තිබේ.
පාසල් බලධාරීන් විසින් කඩිනමින් ක්‍රියාත්මක වී අදාළ ශිෂ්‍ය නායක මණ්ඩලය විසුරුවා හැරීමටත්, සම්බන්ධිත පුද්ගලයන් පාසලෙන් ඉවත් කිරීමටත් පියවර ගෙන ඇතැයි පැවසෙන නමුත් ඒ ගැන නිල ආරංචියක් තවම ලැබී නැත.
මෙම සිදුවීම හුදෙක් එක් පාසලකට හෝ පුද්ගලයන් කිහිප දෙනෙකුට සීමා වූ හුදකලා සිදුවීමක් නොවන අතර කාර්යාල, විශ්ව විද්‍යාල, උපකාරක පන්ති සහ පොදු ප්‍රවාහන සේවා වැනි සමාජයේ බොහෝ තැන්වල මෙවැනි අසම්මත සබඳතා සහ ලිංගික අපයෝජනයන් දිනපතා සිදුවන නමුත්, ඒවා බොහෝ විට සමාජයට හෙළි නොවී යටපත් වේ.
මෙම සිදුවීම විශේෂ වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඊට සම්බන්ධ වූ පාර්ශවයන් සතු සමාජ තත්ත්වය සහ එය ඩිජිටල් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්වීමයි.
මෙම සිදුවීම පිටුපස ඇති සැබෑ ඛේදවාචකය වන්නේ විශ්වාසය සහ මනුෂ්‍යත්වය පිරිහී යාමයි. ගුරුවරියක් යනු මවකට සමාන ගෞරවයක් ලැබිය යුතු චරිතයක් වන අතර, සිසුවෙකු යනු රැකබලා ගත යුතු දරුවෙකි. මෙම මූලික සමාජ සම්බන්ධතාවය බිඳ වැටීම සහ එය වාණිජමය හෝ දේශපාලනික අරමුණු සඳහා භාවිතා කිරීම අතිශයින්ම ඛේදජනකය.