ආණ්ඩුවේ මෙවැනි ක්‍රියාකලාපයන් ප්රජාතන්ත්ර විරෝධී බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, මෙම තත්ත්වය සම්බන්ධයෙන් කඩිනම් අවධානයක් යොමු කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටින බව අවධාරණය කරයි. විගණකාධිපතිවරයෙකු පත් නොකිරීම හේතුවෙන් මේ වන විට රාජ්‍ය ආයතනවලට අදාළ විගණන වාර්තා 60ක් සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු විගණන වාර්තා 70ක් පමණ පමාවී ඇති අතර, මුළුමනින්ම විගණන වාර්තා 130කට අධික සංඛ්‍යාවක් නිකුත් කර ගත නොහැකිව සිරවී ඇති බව හෙළිවේ. මෙම ප්‍රමාදය හේතුවෙන් ලබන මැයි මස 31 වන දිනට පෙර නිකුත් කළ යුතු 2025 වසරේ ප්‍රධාන විගණන වාර්තාව සකස් කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවදානමක් ද මතු වී ඇත.
විගණකාධිපතිවරයෙකු නොමැති වීම නිසා පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනයට අදාළ කෝප් (COPE) සහ කෝපා (COPA) යන කාරක සභාවල කටයුතු ද සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව මෙම කමිටුවල ක්‍රියාකාරීත්වය සඳහා විගණකාධිපතිවරයාගේ සහභාගීත්වය අනිවාර්ය වන අතර, එම තනතුර පුරප්පාඩු වීම හේතුවෙන් විමර්ශන කටයුතු සියල්ල අත්හිටුවීමට සිදුව ඇත. මේ අතර, ජාතික විගණන කාර්යාලයේ මූල්‍ය පාලන කටයුතු අඩාල වීම සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා විසින් එම බලතල මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පවරා ඇති බවට ද වාර්තා පළ වේ.
මෙම පරිපාලනමය රික්තය හේතුවෙන් රට තුළ බරපතළ මූල්‍ය හා ව්‍යවස්ථාපිත අර්බුද රැසක් නිර්මාණය වී ඇති බැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි විගණකාධිපති තනතුර සඳහා සුදුස්සෙකු පත් කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරු රජයෙන් දිගින් දිගටම ඉල්ලීම් කරති.
